ඕස්ට්‍රේලියානු නායකයාට තුන්වන ටෙස්ට් තරගය මඟ හැරෙයි

ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස්ට ඉන්දියාවට එරෙහිව ඉන්දෝර් හිදී පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගය අහිමිව යන බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

සිය මවගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් යළි ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබීම හේතුවෙන් ඔහුට මෙම තරගය සඳහා සහභාගී නොවන බවයි වාර්තා වන්නේ.

දෙරට අතර පැවති දෙවන ටෙස්ට් තරගය නිමවී පැය කිහිපයකට පසු පැට් කමින්ස් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබුණා.

කෙසේ වෙතත් බදාදා ආරම්භ වන තෙවැනි ටෙස්ට් තරගයට පෙර ඔහු මෙම සති අන්තයේ ඉන්දියාවට පැමිණෙන බවටයි ප්‍රකාශ කර තිබුණේ.

කමින්ස් එම තීරණය වෙනස්කරමින් ඔහුගේ පවුලේ අය සමඟ නිවසේ රැඳී සිටීමට ඔහු තීරණය කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ටෙස්ට් උප නායක ස්ටීවන් ස්මිත් ඉන්දෝර්හිදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවනු ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබුණේ.

පැට් කමින්ස් නායකත්වයට පත්වීමෙන් පසු ස්මිත් ටෙස්ට් තරගවල දී දෙවරක් කමින්ස් වෙනුවට ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47