ඉන්දියාව කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයෙන් එළියට

කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවතට විසිවීමට ඉන්දීය කාන්තා කණ්ඩායමට ඊයේ (23) සිදු වුණා.

ඒ, මෙවර තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ඉදිරියේ පරාජය වීමත් සමඟයි.

ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙම තරගය ජය ගත්තේ ලකුණු 05 කින්.

කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියානු නායිකාව දෙවරක් නොසිතාම නිවුලන්ඩ්ස් පිටියේ පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

එහිදී ඕස්ට්‍රේලියානු නායිකා මෙග් ලැනින්ගේ තීරණයට සාධාරණයක් ඉටු කරමින් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් කඩුලු 04ක් දැවී පන්දුවාර 20 තුළ ලකුණු 172ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

අනතුරුව ලකුණු 173ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 167ක් පමණයි.

ඒ, අනුව මෙම තරගයෙන් ලකුණු 05ක තියුණු ජයක් හිමිකර ගනිමින් 2023 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකියාව ලැබුණා.

තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය එංගලන්ත කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර අද (24) පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52