විදෙස් කතට සෙරෙප්පුවෙන් ගැසූ පුද්ගලයා අල්ලයි

උඩරට මාර්ගයේ දුම්රියෙන් ගමන් ගත් විදෙස් ජාතික කාන්තාවකට සෙරෙප්පු ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අද (23) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බණ්ඩාරවෙල පොලීසිය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්.

ඔහු වැලිමඩ, ගුරුතලාව ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල කෝවිලට ආසන්න ස්ථානයක දී සැකකරු විසින් මෙම සෙරෙප්පු ප්‍රහාරය එල්ල කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දුම්රිය මාර්ගයෙන් පිටත සිටින පුද්ගලයෙකු දුම්රියේ ගමන් ගත් විදෙස් ජෛත්ක කාන්තාවකට සෙරෙප්පු ප්‍රහාරයක් එල්ල කිරීමට අදාළ දර්ශන සමාජ මාධ්‍යයේ සංසරණයවීමත් සමඟ මේ පිළිබඳව බොහෝ පිරිසකගේ අවදානය යොමු වුණා.

ඒ, අනුව සිදුකළ විමර්ශන වලදීයි සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

  1. හොදයි එහෙම කල එක.. ලොකු දඩයකුත් ගන්න තියෙන්නේ ඒ මනුස්සයාගෙන්.. මීට අවුරුදු 7,8 කට කලින් අපිත් කෝච්චියෙ යද්දී අපිටත් එක තැනකදි වතුර බාස්කට් වලින් වතුර ගැහුවා ඔයවගේම.අපිට කරන්න දෙයක් නොතිබුන නිසා පාඩුවෙ හිටියා. මෙහෙම දේවල් කරද්දි අපේ රටට සංචාරකයෝ එයිද ? ඒ නිසා නිසි දැඩි දඬුවම් දෙන්න ඕන ඔඔහොම කරන අයට…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26