විවාහ වී දෙවන දිනයේ දී බිරිඳ ඝාතනය කර සැමියාත් දිවි නසාගෙන (ඡායාරූප)

අලුතින් විවාහ දිවියට පිවිසි යුවළක සැමියා විසින් බිරිඳව ඝාතනයකර ඔහු ද සියදිවි නසාගැනීමේ පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා.

ඔවුන් දෙදෙනා පසුගිය ඉරිදා යුගදිවියට පිවිසි ඇති අතර, ඉන් දින දෙකකට පසු අඟහරුවාදා (21) දින මෙම අපරාධය සිදුව ඇති බවයි වාර්තා වුණේ.

දෙදෙනා අතර ඇති වූ ආරවුලක් මත මෙම අපරාධය සිදුව ඇති අතර, සැමියා විසින් ඔහුගේ නිදන කාමරයේ දී බිරිඳට පිහියකින් ඇන ඝාතනය කර ඔහු ද සියදිවි හනිකරගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දියාවේ චතිස්ගාර් හි රයිපූර් ප්‍රදේශයේ දී මෙම සිදුවීම සිදුව ඇති අතර, මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 22 හැවිරිදි කහකාෂා බානෝ නැමැති තරුණියක් වන අතර, සියදිවි නසාගත් සැමියා 24 හැවිරිදි වියේ පසු වූ අස්ලම් නැමැති අයෙක්.

ඔවුන්ගේ විවාහය වෙනුවෙන් පසුගිය අඟහරුවාදා දින සංවිධානය කර තිබූ පිළිගැනීමේ සාදය සඳහා ඔවුන් කාමරය තුළ සූදානම් වෙමින් සිටින අතර තුර මෙම සිද්ධිය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී මනමාලියගේ කෑ ගැසීමක් ඇසීමත් සමඟ මනාලයාගේ මව එම ස්ථානයට දිව ගොස් ඇති අතර, එම අවස්ථාවේ දී දොරඟුලු දමා කාමරයේ දොර වසා තිබු බව සඳහන්.

පසුව කාමරය තුළ සිටි නව යුවළ ප්‍රතිචාරයක් නොදැක්වීමත් සමඟ, පවුලේ සාමාජිකයන් ජනේලයකින් බැලූ විට ඔවුන් ලේ විලක් මැද වැටී සිටින අයුරු දැක තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිසිය පැමිණ ඔවුන්ගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යවා ඇති අතර, එම ස්ථානයේ තිබී පිහියක් ද සොයා ගැනීමට ද හැකිව තිබෙනවා.

ටික්‍රපාරා පොලිස් ස්ථානය විසින් මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටාන ප්‍රදේශයේ මහ රෑ රේස් පදින කොල්ලෝ
01:10
Video thumbnail
ජන වරමට හිස නවන්න බෑනේ - ආණ්ඩුව කරන්නේ අධිකරණයට බලපෑම් කිරීමක්
03:55
Video thumbnail
ම#ණ දඬුවමට එරෙහිව හිටපු පොලිස්පති පූජිත්ගෙන් අභියාචනයක් - නීතිඥයා මාධ්‍යට කියූ දේ
01:50
Video thumbnail
මීගමුවේ බෝට්ටු අනතුරේ නවතම තත්ත්වය මෙන්න - ධීවර අධ්‍යක්ෂකගෙන් හෙළිදරව්වක්
04:50
Video thumbnail
ශානි හා රවී ඒකාලයේ තමන්ට ලැබුණු උපදෙස් අනුව කටයුතු කළා - ප්‍රශ්නයක් තියෙනවනම් අධිකරණයට යන්න
02:21
Video thumbnail
කටාන ප්‍රදේශයේ මහ රෑ රේස් පදින කොල්ලෝ - මෙන්න වීඩියෝවක් එළියට එයි
01:44
Video thumbnail
රවී, ශානි දෙන්නාට හේමසිරි, පූජිත්ට වඩා ම#ණ දඬුවම දෙන්න පුළුවන් වරදක් කරලා ?
03:03
Video thumbnail
හේමසිරි, පූජිත ප්‍රහාරකයා ගැන අවබෝධයක් තිබුණේ නෑ? ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
03:29
Video thumbnail
ජනපති ගිහින් අත්සන් කළ කුකුල් කකුල් ගිවිසුම ගැන නාමල් කියපු දේ - චීනයේ කුකුල් කකුල් දෙකක් ඩොලර් 7ක්
03:26
Video thumbnail
දැඩි වර්ෂාපතනය නිසා කැළණි ගගේ ජල මට්ටම වැඩි වන අයුරු මෙන්න
01:26