වෙළඳ අමාත්‍යංශය සහ වාණිජ දෙපාර්තමේන්තුව ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමේ සූදානමක්

වෙළඳ අමාත්‍යාංශය සහ වාණිජ දෙපාර්තමේන්තුව ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානමක් පවතින බවට වාර්තා වනවා.

ලබන 24 දින රට පුරා විසිරී සිටින පුවක් ගොවීන්, පුවක් එකතු කරන්නන්, අතරමැදියන් සහ ජාවාරම්කරුවන් නොවන දේශීය අපනයනකරුවන් මෙම උද්ඝෝෂණය පැවැත් වීමට සූදානම් වෙමින් පවතින බව සඳහන්.

පුවක් අපනයනය නතර කර මේ වන විට මාස තුනක් ගත වී තිබෙනවා.

පවතින දැවැන්ත ආර්ථික අර්බුදය හේතුවෙන් පුවක් ගොවීන් සහ එම ව්‍යාපාරය ආශ්‍රිත විශාල ජනතාවක් පත්වී ඇත්තේ අන්ත අසරණ භාවයට යි.

එම ජනතාව වර්තමාන වෙළඳ අමාත්‍යවරයා වන නලින් ප්‍රනාන්දු මහතා සහ ඉහළ පෙළේ දූෂිත නිලධාරීන් සිටින වාණිජ දෙපාර්තමේන්තුව වෙත දැඩි අප්‍රසාදය පළ කරනවා.

මෙම අසරණ පවුල් ඉල්ලා සිටින්නේ පාට පක්ෂ භේදයකින් තොරව තම උද්ඝෝෂණයට සහාය පළ කරන ලෙසයි.

මෙලෙස පුවක් අපනයනය නතර කිරීමෙන් මසකට ඇමෙරිකානු ඩොලර් ආසන්න වශයෙන් මිලියන 50ක් සහ වාර්ෂිකව ඩොලර් මිලියන 500ක් පමණ රටට අහිමි වන බවයි අපනයනකරුවන් පෙන්වා දෙන්නේ.

රටට ඩොලර් නොමැති අවස්ථාවක මෙවැනි තීරණයක් ගැනීම දේශපාලන කුමන්ත්‍රණයක් බව ඔවුන්ගේ අදහසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12