AFC Banner
Empty Ad
Empty Ad

මහනුවර නගරය සංවර්ධනය කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

මහනුවර නගරය විශේෂ සැලැස්මකට අනුව සංවර්ධනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍යමණ්ඩලය වෙත ගෙන ආ යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව කටුගස්තොට දක්වා දිවෙන මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීම සඳහා පියවර ගැනීමට ද නියමිතයි.

කටුගස්තොට, මහනුවර සහ කුණ්ඩසාලේ යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් විශේෂ සංවර්ධන සැළැස්මක් සකස් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඊට නාගරික සංවර්ධන අධිකාරිය, මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටුව, දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමතිවරුන් සහ නගර නිර්මාණ ක්ෂේත්‍රය පිළිබඳ විද්වතුන්ගෙන් සමන්විතයි.

සෑම මාස දෙකකටම වරක් මෙම කමිටුව රැස් වී ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට ද නියමිත බවයි වාර්තා වුණේ.

මහනුවර ජනාධිපති මන්දිරයේ දී අද (20) උදෑසන කැබිනට් මණ්ඩල රැස්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?