මහනුවර නගරය සංවර්ධනය කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

මහනුවර නගරය විශේෂ සැලැස්මකට අනුව සංවර්ධනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍යමණ්ඩලය වෙත ගෙන ආ යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව කටුගස්තොට දක්වා දිවෙන මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීම සඳහා පියවර ගැනීමට ද නියමිතයි.

කටුගස්තොට, මහනුවර සහ කුණ්ඩසාලේ යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් විශේෂ සංවර්ධන සැළැස්මක් සකස් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඊට නාගරික සංවර්ධන අධිකාරිය, මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටුව, දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමතිවරුන් සහ නගර නිර්මාණ ක්ෂේත්‍රය පිළිබඳ විද්වතුන්ගෙන් සමන්විතයි.

සෑම මාස දෙකකටම වරක් මෙම කමිටුව රැස් වී ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට ද නියමිත බවයි වාර්තා වුණේ.

මහනුවර ජනාධිපති මන්දිරයේ දී අද (20) උදෑසන කැබිනට් මණ්ඩල රැස්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14