ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් කණ්ඩායම් දෙක අතරට පිවිසීමට ශ්‍රී ලංකාවට තවමත් අවස්ථාව

2021 – 2023 අයි.සී.සී. ලෝක ටෙස්ට් ශුරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තව දුරටත් පෙරමුණේ රැඳී සිටීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකියව ලැබී තිබෙනවා.

ඉන්දියාව සමඟ තරග හතරකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරග දෙක දරුණු ලෙස පරාජයට පත් වුව ද ඕස්ට්‍රේලියානුවන් තවමත් එහි පෙරමුණ ගෙන සිටින්නේ දළ ලකුණු ප්‍රතිශතය ඉහළ මට්ටමක පැවතීම සහ ප්‍රසාද ලකුණු 136ක් ලබාගෙන සිටීම හේතුවෙන්.

ලෝක ටෙස්ට් ශුරතාවලියට අදාළව ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරග 17කට සහභාගී වී ඉන් තරග 10ක් ජයගෙන ඇති අතර, තරග 03ක් පරාජයට පත්ව තවත් තරග 04ක් ජය පැරදුමෙන් තොරව අවසන් කර තිබෙනවා.

මේ අතර එම ලකුණු සටහනේ ලකුණු 123ක් ලබාගෙන දෙවන ස්ථානයේ පසුවන ඉන්දියාව තරග 16 ක්‍රීඩාකර ඔවුන් ද තරග 10ක් ජයගෙන තිබීම ද විශේෂත්වයක්.

ටෙස්ට් ශුරතාවලියට අදාළ තරගවලින් තරග 04ක් පරාජය වී ඇති ඉන්දියාව ජය පරාජයෙන් තොරව අවසන් කර ඇති තරග සංඛ්‍යාව 02ක්.

ලෝක ටෙස්ට් ශුරතාවලියේ තරග 10කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකාව තරග 05ක් ජයගෙන ඇති අතර, තරග 04ක් පරාජයට පත්ව එක් තරගයක් ජය පැරදුමෙන් තොරව අවසන් කර තිබෙනවා.

ඒ, අනුව එම ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 64ක් ලබාගෙන ඇති ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ තුන්වන ස්ථානයයි.

මේ අතර 2021-2023 අයි.සී.සී. ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය සඳහා ක්‍රීඩා ක‍රන කණ්ඩායම් දෙක අතරට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට තවමත් අවස්ථාව පවතිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් කණ්ඩායම් දෙක අතර පැමිණීමට නම් නවසීලන්ත සමඟ එළඹෙන ටෙස්ට් තරගාවලිය පූර්ණ ජයක් වාර්තා කිරීම අනිවාර්යයි.

එමෙන්ම මේ වනවිට ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දී ඕස්ට්‍ර්ලියාවට එරෙහිව ඉන්දියාව පූර්ණ තරගාවලි ජයක් ලැබිය යුතු වනවා.

එසේ නොමැති නම් ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරග 04කින් සමන්විත මෙම තරගාවලිය තරග දෙකට දෙකක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කළහොත් එම අවස්ථාවේ දී ද අවසන් කණ්ඩායම් දෙක අතරට පැමිණීමට ශ්‍රී ලංකා පිළට අවස්ථාව උදාවනවා.

ඉන්දු ඕස්ට්‍රේලියා තරගාවලිය තුළ ඇති අවස්ථා දෙකෙන් කුමන හෝ අවස්ථාව උදා වුවද නවසීලන්ත සමඟ එළඹෙන ටෙස්ට් තරගාවලිය තරග දෙකට බිංදුවක් ලෙස ජය ගැනීම ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යම සාධකය වී තිබෙනවා.

03 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10