රසායනික ද්‍රව්‍යයක් උණු කර රත්‍රන් නිපදවූ අයෙක් අත්අඩංගුවට

රසායණික ද්‍රව්‍ය උණු කර රත්‍රං නිපදවා අලවි කළ බව කියන සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොල් කටු අඟුරු සක්‍රීය කාබන් බවට පත් කිරීමේදී එහි ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම සදහා යොදා ගන්නා පොටෑසියම් ඔටෝ සයනයිට් නම් රසායණික ද්‍රව්‍ය සොරා ගෙන ඒවා උණු කර මෙම සැකකරු රත්‍රං නිපදවා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

වැලිපැන්නගහමුල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි සැකකරු මාදම්පේ – පොතුවිල ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ආයතනයක ගබඩා භාරකරුවෙකු ලෙස සේවය කරමින් සිටි අයෙක්.

එම පුද්ගලික අයතනයේ රසායනාගාර කළමනාකරු ලෙස සේවය කරන අයෙකු කර ඇති පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශණයකින් අනතුරුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාදම්පේ – පොතුවිල ප්‍රදේශයේ පවත්වා ගෙන යන පුද්ගලික ආයතනයක් විසින් පොල් කටු අඟුරු මිලදී ගෙන ඒවා සක්‍රීය කාබන් බවට පත් කිරීම සිදු කරනු ලබනවා.

එසේ මිලදී ගන්නා පොල් කටුවල ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම සදහා පොටෑසියම් ඔටෝ සයනයිට් නම් රසායනික ද්‍රව්‍ය යොදා ගැනීම සිදු කරන අතර එම රසායණික ද්‍රව්‍ය වල රත්‍රං 68.5%ක සංයෝගයක් තිබෙන බවයි පැමිණිලිකරු පොලිසියට දැනුම්දී ඇත්තේ.

එම රසායණික ද්‍රව්‍ය ආයතනය තුළ ගබඩා කර තිබී ඇත්තේ අත්අඩංගුවට ගත් සැකකරු බාරයේ යි.

පසුගිය දිනක කරන ලද තොග සංඝණයකදී අදාළ රසායණික ද්‍රව්‍යවල පෙනුමේ සහ වර්ණයේ වෙනසක් ඇති බව අනාවරණය වී තිබෙනවා.

අනතුරුව කරන ලද සොයා බැලීමකදී අනාවරණය වී ඇත්තේ සැකකරු විසින් ගබඩාවේ තිබූ රසායනික ද්‍රව්‍ය ග්‍රෑම් 50ක ප්‍රමාණයක් සොරකම් කර ඒ වෙනුවට වෙනත් රසායණික ද්‍රව්‍යයක් කළවම් කර ඇති බවයි.

අනතුරුව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේදී සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය වී තිබෙනවා.

තමන් විසින් සොරකම් කරන ලද රසායණික ද්‍රව්‍ය ආයතනය තුළ ඇති උඳුනේ සෙන්ට්‍රිග්‍රෙඩ් අංශක 900ක උෂ්ණත්වයක් යටතේ කෝවක දමා අවස්ථා කීපයකදී උණු කර රත්‍රං පතුරු ලබා ගත් බව සැකකරු පොලිසිය හමුවේ පවසා ඇතැයි සඳහන්.

එලෙස ලබා ගත් රත්‍රං පතුරු මීගමුව ප්‍රදේශයේ ස්වර්ණභරණ අලෙවි සැළකට අලෙවි කළ බව ද සැකකරු හෙළිකර තිබෙනවා.

සැකකරු රත්‍රං නිෂ්පාදනය කිරීම සදහා සොරකම් කර ඇති රසායනික ද්‍රව්‍ය ග්‍රෑම් 50හි වටිනාකම රුපියල් 7,50,000ක් බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?