මාස කිහිපයක් තුළ එකම පුද්ගලයෙකුට ලොතරැයි සුපිරි ත්‍යාග දෙකක්

ඇමරිකාවේ මේරිලෑන්ඩ් ප්‍රාන්තයේ බැල්ටිමෝර් නගරයේ පුද්ගලයෙකු දෙවන වතාවටත් ලොතරැයියකින් දැවැන්ත මුදල් ත්‍යාගකය් දිනාගෙන තිබෙනවා.

ඇමසන් සමාගමේ සේවකයෙකු වන ඔහු ඩොලර් 5ක් ගෙවා මිලදී ගත් සූරන ලොතරැයියට ඩොලර් 50,000 ක ත්‍යාගයක් ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මාස කිහිපයක් ඇතුලත ඔහු දිනා ගත් දෙවන විශාල ත්‍යාගය මෙය ලෙසට සැලකෙනවා.

56 හැවිරිදි මෙම පුද්ගලයා පසුගිය ජනවාරි මාසයේදී ද මේ හා සමාන ලොතරැයියකින් ඩොලර් 30,000ක ත්‍යාගයක් දිනාගෙන ඇති බව මේරිලන්ඩ් ලොතරැයි මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

ඔහු මෙම මාසයේ ත්‍යාගය දිනා ගෙන ඇත්තේ මත්පැන් අලෙවිසැලක දී සූරන ලොතරැයියක් මිලදී ගැනීමෙන් පසුවයි.

මෙම දිනුම හිමිවීම තමාට විශ්වාස කිරීමට නොහැකි වූ බව නම සඳහන් නොකළ මෙම ජයග්‍රාහකයා ප්‍රකාශ කර තිබෙනවා.

මෙම පුද්ගලයා ලොතරැයි මණ්ඩල නිලධාරීන්ට පවසා ඇත්තේ මෙම ජයග්‍රාහී මුදල් වියදම් කරන්නේ කෙසේදැයි මෙතෙක් තීරණය කර නොමැති නමුත් තම පෙම්වතියගේ 60 වැනි උපන්දිනය වෙනුවෙන් ඇය සමඟ නිවාඩුවක් ගත කළ හැකි බවයි.

ඔහු නව මෝටර් රථයක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බව නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ජහග්‍රාහී ඩොලර් 50,000 ත්‍යාගය ඔහු මිල දී ගත් සූරන ටිකට් පතක් සඳහා ලබා ගත හැකි ඉහළම ජයග්‍රහණය ද වනවා.

Crazy 8s නම් මෙම ලොතරැයිය මගින් ත්‍යාග ලක්ෂ ගණනක් ප්‍රදානය කළ ද බොහෝමයක් ත්‍යාග ඩොලර් 5 සිට 1,000 දක්වා අතර පරාසයක පමණක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

ඔහු ලොතරැයි මිලදී ගත් මත්පැන් අලෙවි සැලට ද Maryland Lottery වෙතින් ඩොලර් 500ක ප්‍රසාද දීමනාවක් ලැබෙනු ඇති.

මේ අතර පසුගිය 4 වනදා කැනඩාවේ සරසවි සිසුවියක් ඇය සිය ජීවිතයේ මිලදී ගත් පළමු ලොතරැයියෙන් ම සුපිරි ත්‍යාගය ජයග්‍රහණය කළා. ඇය ජයග්‍රහණය කළ මුදල ඩොලර් මිලියන 48ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුනිල් වටගල කෝටි 45ක පමණ ලක්සිරි නිවසක් මිලදීගෙන ?..චෝදනා කරද්දි දෙපාරක් හිතලා කරන්න
03:16
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57
Video thumbnail
ජොන්ස්ටන් හිනාවෙවී එළියට ආ හැටි..සෙනඟක් ඇවිත් ජොන්ස්ටන්ව වට කරයි
01:38
Video thumbnail
හෙට වෙනකොට රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්න..නැත්තම් තිස්සකුට්ටි කුදලන් යන්න
02:09
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20