දිය නෑමට ගොස් මුහුදේ අතුරුදන් වූ තවත් සිසුවෙකුගේ සිරුරක් හමුවෙයි – අනෙක් සිසුවා සොයා මෙහෙයුම්

මාතර වැල්ලමඩම මුහුදු තීරයේ දිය නෑමට ගොස් අතුරුදන්ව සිටි තවත් පාසල් සිසුවෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව මේවන විට සිසුන් දෙදෙනෙකුගේ සිරුරු හමුවී ඇති අතර අතුරුදන්ව සිටින අනෙක් සිසුවා සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

මෙලෙස සිරුරු හමුවී ඇත්තේ මාකඳුර ප්‍රදේශවල පදිංචි 17 හැවිදිරි සිසුන් දෙදෙනෙකුගේ මළ සිරුරුයි.

රන්සෑගොඩ බෙරලිය පදිංචිව සිසුවාගේ සිරුර සොයා තව දුරටත් මුහුදේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මාතර ඇලවේල්ල පාරේ පිහිටි උපකාරක පන්තියකට සහභාගී වීම සදහා පැමිණි සිසුන් තිදෙනෙකු දිය නෑමට ගොස් සිටියදී මුහුදේ ගසාගෙන ගොස් තිබුණේ ඊයේ (17) උදෑසන 11ට පමණයි.

ඔවුන් මාතර නගරයේ වෘත්තිය පුහුණු පාඨමාලාවක් හදාරන තවත් මිතුරන් දෙදෙනෙකුට ද එම ස්ථානයේ දිය නෑමට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙන අතර ඔවුන් මාතර බස් නැවතුම්පොලේ සිට වැල්ලමඩම මුහුදු තීරයට එන විට අදාළ පාසල් සිසුන් තිදෙනා මුහුදේ ගසා ගෙන යන අයුරු දැක විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අංශයේ නිලධාරින් දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක වු මාතර පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් පැමිණ පරික්ෂණ ආරම්භ කරනු ලැබුවා.

මුහුදේ අතුරුදන් වු සිසුන් තිදෙනාට අයත් බවට සැක කෙරෙන ජංගම දුරකතන 3ක්, උපකාරක පන්ති පොත්, ඇදුම් සහිත බෑග් දෙකක් හා බියර් බෝතලයක් වෙරළ අසල තිබියදී පොලිසිය සොයාගෙන තිබෙනවා.

මාතර පොලිසිය පරීක්‍ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිහඬ වූ නන්දා දෙස බලා සංවේදි වුණ වසන්ත - ඇගේ පැතුම් මල්ඵල ගැන්වෙන මොහොතක් මේ
03:35
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර
01:19
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර - කට්ටිය ජනපතිව වට කර ගයි
02:09
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34