spot_imgspot_img
spot_img

දිය නෑමට ගොස් මුහුදේ අතුරුදන් වූ තවත් සිසුවෙකුගේ සිරුරක් හමුවෙයි – අනෙක් සිසුවා සොයා මෙහෙයුම්

මාතර වැල්ලමඩම මුහුදු තීරයේ දිය නෑමට ගොස් අතුරුදන්ව සිටි තවත් පාසල් සිසුවෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව මේවන විට සිසුන් දෙදෙනෙකුගේ සිරුරු හමුවී ඇති අතර අතුරුදන්ව සිටින අනෙක් සිසුවා සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

මෙලෙස සිරුරු හමුවී ඇත්තේ මාකඳුර ප්‍රදේශවල පදිංචි 17 හැවිදිරි සිසුන් දෙදෙනෙකුගේ මළ සිරුරුයි.

රන්සෑගොඩ බෙරලිය පදිංචිව සිසුවාගේ සිරුර සොයා තව දුරටත් මුහුදේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මාතර ඇලවේල්ල පාරේ පිහිටි උපකාරක පන්තියකට සහභාගී වීම සදහා පැමිණි සිසුන් තිදෙනෙකු දිය නෑමට ගොස් සිටියදී මුහුදේ ගසාගෙන ගොස් තිබුණේ ඊයේ (17) උදෑසන 11ට පමණයි.

ඔවුන් මාතර නගරයේ වෘත්තිය පුහුණු පාඨමාලාවක් හදාරන තවත් මිතුරන් දෙදෙනෙකුට ද එම ස්ථානයේ දිය නෑමට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙන අතර ඔවුන් මාතර බස් නැවතුම්පොලේ සිට වැල්ලමඩම මුහුදු තීරයට එන විට අදාළ පාසල් සිසුන් තිදෙනා මුහුදේ ගසා ගෙන යන අයුරු දැක විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අංශයේ නිලධාරින් දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක වු මාතර පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් පැමිණ පරික්ෂණ ආරම්භ කරනු ලැබුවා.

මුහුදේ අතුරුදන් වු සිසුන් තිදෙනාට අයත් බවට සැක කෙරෙන ජංගම දුරකතන 3ක්, උපකාරක පන්ති පොත්, ඇදුම් සහිත බෑග් දෙකක් හා බියර් බෝතලයක් වෙරළ අසල තිබියදී පොලිසිය සොයාගෙන තිබෙනවා.

මාතර පොලිසිය පරීක්‍ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?