දින හතක් වයසැති බිළිඳිය පොළොවේ ගසා මරා දමලා – සැකකාර මව අත්අඩංගුවට

සතියක් වයසැති බිළිඳියක් පොළොවේ ගසා ඝාතනය කළ සැකකාර මවක් ඊයේ (17) පයාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 09 වනදා නාගොඩ ශික්ෂණ රෝහලේ දී 28 හැවිරිදි කාන්තාවකටදාව උපත ලැබූ නිවුන් බිළිඳියන් දෙදෙනාගෙන් බාල බිළිඳිය මෙලෙස ඝාතනය කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

අලුත උපන් බිළිඳියන්ට නම් තැබීම සඳහා පසුගිය 15 වනදා ජෝතිර්වේදියෙකු හමුවීමට ගොස් යළි නිවසට පැමිණීමෙන් පසු මෙම ඝාතනය සිදුවන්නට ඇති බවටයි පොලිසිය සැකපළ කරන්නේ.

සැකකාර මව විසින් එදින සවස සිය බිළිඳිය ඇඳෙන් වැටුණු බව සඳහන් කරමින් කළුතර ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී බිළිඳියගේ මරණ සම්බන්ධයෙන් සැකසිතී සිදුකරන ලද මරණ පරීක්ෂණයේදී දැරිය ඝාතනයට ලක්ව ඇති බවටයි හෙළිව ඇත්තේ.

අනතුරුව සැකකාර මව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම අඹුසැමි යුවළගේ කුළුදුල් දරු උපත මෙය ද වනවා.

සැකකාරිය විසින් බිළිඳියගේ නාසය අවස්ථා තුනකදී මිරිකා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

පයාගල, කැන්දගහවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි සැකකාර මව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?