දින හතක් වයසැති බිළිඳිය පොළොවේ ගසා මරා දමලා – සැකකාර මව අත්අඩංගුවට

සතියක් වයසැති බිළිඳියක් පොළොවේ ගසා ඝාතනය කළ සැකකාර මවක් ඊයේ (17) පයාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 09 වනදා නාගොඩ ශික්ෂණ රෝහලේ දී 28 හැවිරිදි කාන්තාවකටදාව උපත ලැබූ නිවුන් බිළිඳියන් දෙදෙනාගෙන් බාල බිළිඳිය මෙලෙස ඝාතනය කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

අලුත උපන් බිළිඳියන්ට නම් තැබීම සඳහා පසුගිය 15 වනදා ජෝතිර්වේදියෙකු හමුවීමට ගොස් යළි නිවසට පැමිණීමෙන් පසු මෙම ඝාතනය සිදුවන්නට ඇති බවටයි පොලිසිය සැකපළ කරන්නේ.

සැකකාර මව විසින් එදින සවස සිය බිළිඳිය ඇඳෙන් වැටුණු බව සඳහන් කරමින් කළුතර ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී බිළිඳියගේ මරණ සම්බන්ධයෙන් සැකසිතී සිදුකරන ලද මරණ පරීක්ෂණයේදී දැරිය ඝාතනයට ලක්ව ඇති බවටයි හෙළිව ඇත්තේ.

අනතුරුව සැකකාර මව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම අඹුසැමි යුවළගේ කුළුදුල් දරු උපත මෙය ද වනවා.

සැකකාරිය විසින් බිළිඳියගේ නාසය අවස්ථා තුනකදී මිරිකා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

පයාගල, කැන්දගහවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි සැකකාර මව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01