මුද්‍රණාලය මුදල් ඉල්ලයි

මුදල් ලබාදීම සම්බන්ධයෙන් මහ භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර විසඳුමක් ලබාදෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් දැනුම්දී ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පවසනවා.

පළාත් පාලන මැතිවරණයට අදාළව දිස්ත්‍රික්ක 7ක පමණ තැපල් ජන්ද පත්‍රිකා දැනටමත් මුද්‍රණය කර අවසන් බවයි ඇය සඳහන් කළේ.

මහා භාණ්ඩාගාරය රජයේ මුද්‍රණාලයට දැනට ලබාදී ඇත්තේ මිලියන 40ක පමණ මුදලක් පමණක් වන අතර මැතිවරණයට අදාළව රුපියල් කෝටි හැත්තෑවකට වැඩි වටිනාකමකින් යුත් මුද්‍රණ කටයුතු දැනට කර අවසන් බව ද රජයේ මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළා.

මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලැබෙන්නේ නම් තවත් දින 20ත් 25ත් අතර කාලයක් තුල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් කළ හැකි බවයි ඇය කියාසිටියේ.

මැතිවරණයට අදාළව ගැසට් පත්‍රිකා මුද්‍රණය කිරීමේ සිට කටයුතු සිදු කර ඇති අතර ඒ වෙනුවෙන් දැනට රුපියල් මිලියන 200කට වැඩි වියදමක් සිදුව ඇති බවයි ඇය කියාසිටියේ.

මෙම සම්පූර්ණ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 400කට වැඩි මුදලක් වැයවනු ඇතැයි අපේක්ෂා කරන බව ද මුද්‍රණාලයාධිපතිනිය කියාසිටියා.

එමෙන්ම මුද්‍රණ කටයුතු වෙනුවෙන් මෙතෙක් ප්‍රමාණවත් පොලිස් ආරක්ෂාවක් ඉල්ලා සිටිය ද එය ද ලැබී නොමැති බව ඇය පෙන්වා දෙනවා.

මීට පෙර වසරවලදී මැතිවරණයකට අදාළ මුද්‍රණ කටයුතු වෙනුවෙන් නිලධාරීන් 60කට ආසන්න ප්‍රමාණයක් ආරක්ෂාව වෙනුවෙන් ලැබුණ ද මෙතෙක් පැමිණ ඇත්තේ පොලිස් නිලධාරීන් 3 දෙනෙකු පමණක් බව ගංගානි ලියනගේ මහත්මිය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38