AFC Banner
Empty Ad
Empty Ad

අනුරපුර ශ්‍රීලනිප මැතිවරණ අපේක්ෂකයින්ගෙන් දයාසිරිට දැඩි විරෝධයක්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් හා එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර අතර, අද (15) දිනයේ පැවැත්වීමට තිබූ හමුවක් හදිසියේ ම අවලංගු කිරීම හේතුවෙන් එම හමුවට සහභාගී වීමට පැමිණි පළාත් පාලන නියෝජිතයින් මහ ලේකම්වරයාට දැඩි අප්‍රසාදය පළ කර සිටියා.

මෙම හමුව අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ උත්සව ශාලාවක අද (15) පෙරවරු 9.00ට පැවැත්වීමට නියමිතව තිබූ අතර, එම හමුව හදිසියේම අවලංගු කිරීමට කටයුතු කර ඇති බවයි පසුව දැනුම් දී ඇත්තේ.

අදාළ රැස්වීම අවලංගු කිරීම සම්බන්ධයෙන් ඇතැම් අපේක්ෂකයින්ට දුරකථන මාර්ගයෙන් ආසන සංවිධායකවරුන් දැනුම්වත් කිරීමට කටයුතු කර තිබුණ ද, ඇතැම් අපේක්ෂකියන් ඒ සම්බන්ධයෙන් දැනුම්වත්ව නොමැතිවීම හේතුවෙන් ඔවුන් අද (15) එම උත්සව ශාලාව වෙත පැමිණ සිටි බවයි දැනගන්නට ලැබුනේ.

උත්සව ශාලාව ද එම රැස්වීම සඳහා සූදානම් කර තිබී ඇති අතර, පැමිණි අපේක්ෂකයින් රැස්වීම සම්බන්ධයෙන් උත්සව ශාලාවේ කාර්යාලයෙන් විමසීමක දී පවසා ඇත්තේ හිටපු අමාත්‍ය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැදවච්චිය ආසන සංවිධායක තිස්ස කරල්ලියද්ද විසින් රැස්වීම සඳහා උත්සව ශාලාව වෙන් කිරීමක් කළ බවත්, පසුව ඊයේ (14) දිනයේ රැස්වීම අවලංගු කරන බවට දුරකථනයෙන් දැනුම් දුන් බවයි.

මෙම රැස්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහා ලේකම් දයාසිරි ජයසේකර සහභාගී වීමට නියමිතව තිබූ බැවින් ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහභාගී වීම ප්‍රතික්ෂේප කළ පසුබිමික, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් පිරිසගෙන් බහුතරයක්ද රැස්වීම වර්ජනය කිරීමට සූදානම් ව සිටි ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, හේතුවෙන් දයාසිරි ජයසේකර මහ ලේකම්වරයා විසින් රැස්වීම අවලංගු කරන ලෙස හදිසියේම දන්වා ඇතැයි ද පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ හේතුවෙන් රැස්වීමට සහභාගී වීමට අපේක්ෂාවෙන් පැමිණ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් මහ ලේකම්වරයාට මෙහිදී දැඩි විරෝධයක් සහ අප්‍රසාදයක් පලකර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍ය හමුව මැද හර්ෂ යකා නටන්න පටන් ගනී
03:01
Video thumbnail
හර්ෂගෙන් ජනපති අනුරට බැණුම් කෝටියයි - කිව්වෙ එකක් - කරන්නෙ එකක් #anurakumaradissanayake #npp
03:48
Video thumbnail
ජනපති රාමඤ්ඤ මහා නිකායේ මහා නායක හිමිවරුන්ට කියපු දේ
02:13
Video thumbnail
5 ශිෂ්‍යත්ව විභාගය අවුල් කරපු - කිහිප දෙනෙකුට වැඩ වරදී - පොලීසියෙන් කළ විශේෂ ප්‍රකාශයක්
04:29
Video thumbnail
ජනපති අනුරට එදා පලු යනකම් බැනපු මිනිස්සු එක්ක ජනපති අනුර පන්සල් යයි
02:01
Video thumbnail
වසර 19කට පසුව ජනපති ජනතාවට විවෘත කළ පාර - "අපේ ඊලඟ කතිරෙත් මාලිමාවට"
02:24
Video thumbnail
මාලිමාවට එන කවුරුත් ගන්නේ නෑ - "සොරි මහත්වරුණි" - මාලිමාව එක්ක ජනතාව අත්වැල් බැඳගෙන ඉවරයි #npp
03:09
Video thumbnail
🛑Breaking News - ජනපති අනුර අමරපුර මහා නිකායේ මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දකී.#akd #npp
04:46
Video thumbnail
චන්දිම වීරක්කොඩි - ජනපතිගේ සායම යවයි #anurakumaradissanayake
03:05
Video thumbnail
KASTHIRAMA | හිටපු පා.ම. වීරසුමන වීරසිංහ සහ සජබ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම සහභාගීවන කස්තිරම
01:25:11

?