අනුරපුර ශ්‍රීලනිප මැතිවරණ අපේක්ෂකයින්ගෙන් දයාසිරිට දැඩි විරෝධයක්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් හා එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර අතර, අද (15) දිනයේ පැවැත්වීමට තිබූ හමුවක් හදිසියේ ම අවලංගු කිරීම හේතුවෙන් එම හමුවට සහභාගී වීමට පැමිණි පළාත් පාලන නියෝජිතයින් මහ ලේකම්වරයාට දැඩි අප්‍රසාදය පළ කර සිටියා.

මෙම හමුව අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ උත්සව ශාලාවක අද (15) පෙරවරු 9.00ට පැවැත්වීමට නියමිතව තිබූ අතර, එම හමුව හදිසියේම අවලංගු කිරීමට කටයුතු කර ඇති බවයි පසුව දැනුම් දී ඇත්තේ.

අදාළ රැස්වීම අවලංගු කිරීම සම්බන්ධයෙන් ඇතැම් අපේක්ෂකයින්ට දුරකථන මාර්ගයෙන් ආසන සංවිධායකවරුන් දැනුම්වත් කිරීමට කටයුතු කර තිබුණ ද, ඇතැම් අපේක්ෂකියන් ඒ සම්බන්ධයෙන් දැනුම්වත්ව නොමැතිවීම හේතුවෙන් ඔවුන් අද (15) එම උත්සව ශාලාව වෙත පැමිණ සිටි බවයි දැනගන්නට ලැබුනේ.

උත්සව ශාලාව ද එම රැස්වීම සඳහා සූදානම් කර තිබී ඇති අතර, පැමිණි අපේක්ෂකයින් රැස්වීම සම්බන්ධයෙන් උත්සව ශාලාවේ කාර්යාලයෙන් විමසීමක දී පවසා ඇත්තේ හිටපු අමාත්‍ය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැදවච්චිය ආසන සංවිධායක තිස්ස කරල්ලියද්ද විසින් රැස්වීම සඳහා උත්සව ශාලාව වෙන් කිරීමක් කළ බවත්, පසුව ඊයේ (14) දිනයේ රැස්වීම අවලංගු කරන බවට දුරකථනයෙන් දැනුම් දුන් බවයි.

මෙම රැස්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහා ලේකම් දයාසිරි ජයසේකර සහභාගී වීමට නියමිතව තිබූ බැවින් ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහභාගී වීම ප්‍රතික්ෂේප කළ පසුබිමික, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් පිරිසගෙන් බහුතරයක්ද රැස්වීම වර්ජනය කිරීමට සූදානම් ව සිටි ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, හේතුවෙන් දයාසිරි ජයසේකර මහ ලේකම්වරයා විසින් රැස්වීම අවලංගු කරන ලෙස හදිසියේම දන්වා ඇතැයි ද පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ හේතුවෙන් රැස්වීමට සහභාගී වීමට අපේක්ෂාවෙන් පැමිණ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් මහ ලේකම්වරයාට මෙහිදී දැඩි විරෝධයක් සහ අප්‍රසාදයක් පලකර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29