අධිවේගයේ දෙදෙනෙකුට මරු කැඳවූ දුමාරය (ඡායාරූප)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 35.9 කණුව,දොඩම්ගොඩ හුවමාරුව අසලදී ලොරි රථයක් සහ මොටර් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

මාතර සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක කාර්මික දෝෂයක් හේතුවෙන් අධික ලෙස දුමක් පිට වී ඇති අතර, රියදුරු රථය දොඩම්ගොඩ පිවිසුම ආසන්නයේ නවතා එයින් බැසීමත් සමඟ මාතර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මෝටර් රථයක් ලොරි රථයේ පිටුපසින් ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

ලොරි රථයේ දුමාරය හේතුවෙන් මෝටර් රථ රියදුරුට මාර්ගය හරි හැටි දර්ශනය නොවීම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය සැකපල කරන්නේ.

අනතුරෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 70 සහ 75 අතර වයස්වල පසුවන දෙදෙනෙක් වන අතර, ඔවුන් ත්‍රිකුණාමලය සහ මඩකලපුව පදිංචිකරුවන්.

මෝටර් රථයේ ගමන්ගත් වයස අවුරුදු 65 සහ 75 අතර වයස්වල පසු වූ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ද බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් අධිවේගී මාර්ගයේ පොලිසිය විසින් ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22