AFC Banner
Empty Ad
Empty Ad

පුතා පැදවූ ත්‍රිරෝද රථය දුරකථන කණුවක ගැටී මව ජීවිතක්ෂයට

අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් දුරකථන රැහැන් කණුවක ගැටීමෙන් අද (13) පෙරවරුවේ සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තරුණයෙක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

බෙලිඅත්ත – හක්මණ ප්‍රධාන මාර්ගයේ දී මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කාන්තාවක් සහ ඇයගේ 19 හැවිරිදි පුත්‍රයා ගමන්ගත් ත්‍රිරෝද රථයක් බවයි වාර්තා වන්නේ.

46 හැවිරිදි කාන්තාව සිය පුත්‍රයා සමඟ ත්‍රිරෝද රථයකින් හක්මණ, මීඇල්ල ප්‍රදේශයේ සිට බෙලිඅත්ත දෙසට පැමිණෙමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බව සඳහන්.

අනතුර සිදුවන අවස්ථාවේ 19 හැවිරිදි පුත්‍රයා විසින් රථය පදවා ඇති අතර, අධික වේගය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරෙන් පසු කාන්තාව එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, බරපතළ තුවාල ලැබූ ඇයගේ පුතා බෙලිඅත්ත රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?