පුතා පැදවූ ත්‍රිරෝද රථය දුරකථන කණුවක ගැටී මව ජීවිතක්ෂයට

අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් දුරකථන රැහැන් කණුවක ගැටීමෙන් අද (13) පෙරවරුවේ සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තරුණයෙක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

බෙලිඅත්ත – හක්මණ ප්‍රධාන මාර්ගයේ දී මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කාන්තාවක් සහ ඇයගේ 19 හැවිරිදි පුත්‍රයා ගමන්ගත් ත්‍රිරෝද රථයක් බවයි වාර්තා වන්නේ.

46 හැවිරිදි කාන්තාව සිය පුත්‍රයා සමඟ ත්‍රිරෝද රථයකින් හක්මණ, මීඇල්ල ප්‍රදේශයේ සිට බෙලිඅත්ත දෙසට පැමිණෙමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බව සඳහන්.

අනතුර සිදුවන අවස්ථාවේ 19 හැවිරිදි පුත්‍රයා විසින් රථය පදවා ඇති අතර, අධික වේගය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරෙන් පසු කාන්තාව එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, බරපතළ තුවාල ලැබූ ඇයගේ පුතා බෙලිඅත්ත රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34