යුද හමුදා ගොවිපලවල අස්වනු නෙලීම ඇරඹෙයි

යුද හමුදාව විසින් පාලනය කරනු ලබන දිවයින පුරා පිහිටි ගොවිපළවල්වල මහ කන්නයේ වී අස්වැන්න සහ එළවළු ඵලදාව නෙලීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

යුද හමුදාධිපතිවරයාගේ උපදෙස් මත පිහිටුවන ලද හරිත කෘෂිකර්ම මෙහෙයුම් කමිටුව සමඟ සම්බන්ධීකරණයෙන් යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ භටපිරිස් පසුගිය දින කිහිපයේ දී පාන්ගොල්ල, ඩයගම, රිදියගම, මැණික්ෆාම්, වීරවිල සහ ඉරණමඩු ප්‍රදේශයන්හි පිහිටි හමුදා ගොවිපලවල්වලින් වී අස්වනු නෙලිමේ කටයුතු ආරම්භ කරනු ලැබුවා.

මේ වන විට හමුදා ගොවිපළවල්වලින් මෙට්‍රික් ටොන් 120.3ක වී අස්වැන්නක් නෙලාගෙන ඇති බවයි යුද හමුදාව සඳහන් කළේ.

2021 වසරේ ජනවාරි මස 4 වන දින පිහිටුවන ලද යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය දැනට දිවයින පුරා ස්ථාපිත යුද්ධ හමුදා ගොවිපලවල් 19ක සාර්ථකව වගා කටයුතු සිදුකරනු ලබනවා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය විසින් දේශීය සහ සාමාන්‍ය වී වර්ග, කැරට්, වට්ටක්කා, වම්බටු, බඩ ඉරිඟු, රාබු යනාදිය වගා කිරීම ආරම්භ කර ඇති අතර, කිරි නිෂ්පාදන, කුකුල් මස් සහ බිත්තර යුද හමුදා සාමාජිකයින්ට සහ සිවිල් ජනතාවට සහනදායි මිළ ගණන් යටතේ අළෙවි කිරීම ද සිදු කරනු ලබන බවයි යුද හමුදාව කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06