spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යුද හමුදා ගොවිපලවල අස්වනු නෙලීම ඇරඹෙයි

යුද හමුදාව විසින් පාලනය කරනු ලබන දිවයින පුරා පිහිටි ගොවිපළවල්වල මහ කන්නයේ වී අස්වැන්න සහ එළවළු ඵලදාව නෙලීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

යුද හමුදාධිපතිවරයාගේ උපදෙස් මත පිහිටුවන ලද හරිත කෘෂිකර්ම මෙහෙයුම් කමිටුව සමඟ සම්බන්ධීකරණයෙන් යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ භටපිරිස් පසුගිය දින කිහිපයේ දී පාන්ගොල්ල, ඩයගම, රිදියගම, මැණික්ෆාම්, වීරවිල සහ ඉරණමඩු ප්‍රදේශයන්හි පිහිටි හමුදා ගොවිපලවල්වලින් වී අස්වනු නෙලිමේ කටයුතු ආරම්භ කරනු ලැබුවා.

මේ වන විට හමුදා ගොවිපළවල්වලින් මෙට්‍රික් ටොන් 120.3ක වී අස්වැන්නක් නෙලාගෙන ඇති බවයි යුද හමුදාව සඳහන් කළේ.

2021 වසරේ ජනවාරි මස 4 වන දින පිහිටුවන ලද යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය දැනට දිවයින පුරා ස්ථාපිත යුද්ධ හමුදා ගොවිපලවල් 19ක සාර්ථකව වගා කටයුතු සිදුකරනු ලබනවා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය විසින් දේශීය සහ සාමාන්‍ය වී වර්ග, කැරට්, වට්ටක්කා, වම්බටු, බඩ ඉරිඟු, රාබු යනාදිය වගා කිරීම ආරම්භ කර ඇති අතර, කිරි නිෂ්පාදන, කුකුල් මස් සහ බිත්තර යුද හමුදා සාමාජිකයින්ට සහ සිවිල් ජනතාවට සහනදායි මිළ ගණන් යටතේ අළෙවි කිරීම ද සිදු කරනු ලබන බවයි යුද හමුදාව කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?