ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාවක් පිහිටුවීමට පියවර

වර්ෂ 2048 වන විට ශ්‍රී ලංකාව තිරසර සංවර්ධිත රටක් බවට පරිවර්තනය කිරීම උදෙසා සැලසුම්කරණය, ක්‍රියාත්මක කිරීම, නියාමනය හා පසුවිපරම් උපායමාර්ගික ක්‍රියාවලින් දියත් කිරීමේ අරමුණින් ‍පිහිටුවීම යෝජිත ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාවට අදාළ සංකල්ප පත්‍රිකාව පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණා.

මේ පිළිබඳ සාකච්ඡා වූයේ කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී යි.

එම ජාතික සභා අනු කමිටුවේ යෝජනා ස්ථිරත්වයෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සභාපතිත්වයෙන් ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාව පිහිටුවීමේ ක්‍රියාකාරී කමිටුව පිහිටුවා තිබෙනවා.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සහ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා විසින් කොමිෂන් සභාවට අදාළ සංකල්ප පත්‍රිකාව අනු කමිටුව වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

එම සංකල්ප පත්‍රිකාවට අනුව රටේ රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීම පිණිස ස්ථාපිත ඉහළම මට්ටමේ නිල යාන්ත්‍රණය ලෙස ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් පිහිටුවීමට යෝජිත යි.

කොමිෂන් සභාවේ කාර්යයන් ලෙස නිසි විශ්ලේෂණ ආශ්‍රිතව ප්‍රතිපත්තිසම්පාදනය හා ප්‍රතිපත්ති මාර්ගෝපදේශ ලබා දීම, කෙටි කාලීන මධ්‍යම කාලීන හා දීර්ඝ කාලීන සංවර්ධන සැලසුම්කරණය හරහා 2023 – 2048 ජාතික සංවර්ධන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීම, රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ ඇති හැකියාවන් හා විභවයන් හඳුනාගනිමින් සංවර්ධන සැලසුම්කරණය හා කාර්යක්ෂම අයුරින් සම්පත් බෙදී යාමට ඉඩ සැලසීම, කාලීන ජාතික ප්‍රමුඛතා පදනම්කොටගත් සංවර්ධන ක්ෂේත්‍ර හඳුනාගනිමින් ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම, සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමට සමගාමීව නිරන්තර නියාමන හා ඇගයීම් ක්‍රියාවලීන් ක්‍රියාත්මක කිරීම, ජාතික හා පළාත් මට්ටම්වලදී ක්‍රියාත්මක කරනු ලබන ආයතන පද්ධති අතර අන්තර් සම්බන්ධීකරණ ක්‍රියාවලීන් ශක්තිමත්ව ක්‍රියාත්මක කරවීම යන කරුණු දක්වා ඇති අතර ඒ පිළිබඳ දිර්ඝ වශයෙන් කමිටුවේදී සාකච්ඡා වී තිබෙනවා.

ඒ අනුව, කොමිෂන් සභාවේ කාර්යයන් ඉටු කිරීම පිණිස කොමිෂන් සභා කාර්යාංශයක් පිහිටුවීමට යෝජිත අතර, එහි අරමුණු ඉටු කර ගැනීම සඳහා මෙහෙයුම් කමිටුවක්ද ස්ථාපනය කිරීමට නියමිතයි.

ඊට අමතරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04, 27 සහ 148 වන ව්‍යවස්ථා යටතේ පාර්ලිමේන්තුවට එහි බලතල ක්‍රියාත්මක කිරීමට හැකි වන අයුරින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට අවශ්‍ය තාක්ෂණික මගපෙන්වීම් සහ පහසුකම් සැලසීම සඳහා ව්‍යවස්ථාපිතව සංස්ථාපනය වන යාන්ත්‍රණයක් ලෙස ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාව කටයුතු කිරීමට නියමිතව තිබෙනවා

එමෙන්ම, කොමිෂන් සභාවේ දිගු කාලීන ප්‍රතිපත්ති සැලසුම් ලෙස 2023 – 2048 දක්වා ජාතික ප්‍රතිපත්තිය සහ ජාතික යටිතල පහසුකම් සැපයීම දක්වා ඇති අතර මධ්‍යකාලීන ප්‍රතිපත්ති සැලසුම් ලෙස පසු අවුරුදු මධ්‍යකාලීන සැලසුම්, රාජ්‍ය ආයෝජන සැලසුම් හා ආංශික සංවර්ධන සැලසුම් මෙන්ම කෙටි කාලීන ප්‍රතිපත්ති සැලසුම් යට‍තේ වාර්ෂික අයවැය සහ වාර්ෂික පළාත් අයවැය සැලසුම් කිරීම ද දක්වා තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ කමිටු සභාපති නාමල් රාජපක්ෂ සඳහන් කළේ ඉතා ඉක්මනින් මෙම සංකල්ප පත්‍රිකාව ජාතික සභාවට ඉදිරිපත් කර අවශ්‍ය ඉදිරි කටයුතු සඳහා පියවර ගැනීමට බලාපොරොත්තු වන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23