අර්බුදයට විසඳුම් දෙන පාර්ශ්වයකට රජය හෝ පරිපාලනය භාරදීමට සූදානම් – ශෙහාන් සේමසිංහ

රට ආර්ථික වශයෙන් අර්බුදකාරී තත්ත්වයක පවතින මේ අවස්ථාවේ දී හුදෙකලා තීන්දු ගැනීම අහිතකර බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ සංගමය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අතර පසුගිය දා (03) පැවති විශේෂ සාකච්ඡාවක දී ඔහු මේ බව සඳහන් කළා.

විශේෂයෙන් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ණයහිමි රටවල යෝජනාවන්ට අභියෝගයන් නොවන පරිදි තීන්දු තීරණ ගත යුතු බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

ජනප්‍රිය තීන්දු ගැනීම වෙනුවට රටේ ඉදිරිය ගැන සිතා වැදගත් තීන්දු ගැනීම, මේ අවස්ථාවේ රජයේ වගකීම බව පවසන අමාත්‍යවරයා මැතිවරණ වේදිකාව තුළ ඇතැමුන් රටේ අර්බුද විහිළුවට ගෙන තිබීම කණගාටුවට කරුණක් බව සඳහන් කළා.

පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා කිසියම් පාර්ශ්වයක් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ නම් ඔවුන්ට රජය හෝ පරිපාලනය භාරදීමට සූදානම් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

මේ අතර විශේෂයෙන් බදු ගෙවීම පැහැර හැර ඇති බදු දැලට හසුකර ගත නොහැකි පිරිස හඳුනා ගැනීම සඳහා ප්‍රාදේශීය පරිපාලන ඒකක සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර සම්බන්ධීකරණය නිර්මාණය කළ යුතු බවයි රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ සංගමය එහිදී පවසා සිටියේ.

ඊට සිය සහයෝගය ලබාදෙන බව ද එම සංගමයේ සාමාජිකයන් එහිදී ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43