සොරා කන මුදල් නැවත අයකර ගන්නා ක්‍රමවේදය විපක්ෂ නායක පහදයි

සොරා කන ලද මුදල් නැවත අයකර ගැනීම සඳහා බිහිකරන කළමනාකරණ අධිකාරිය ශක්තිමත් කර මෙතෙක් හොරකම් කරන ලද සියලු මුදල් නැවත ගැනීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මුදල් විශුද්ධිකරණ පනත ද නවීකරණය කර ශක්තිමත් කරන බවයි ඔහු හිනිඳුම ආසන බල මණ්ඩලයේ පැවති රැස්වීමක් අමතන් කියාසිටියේ.

ජාත්‍යන්තර මූල්‍ය සම්පාදන පිළිබඳව බුද්ධිමය දැනුම ඇති ආයතන සම්බන්ධ කරගෙන මූල්‍ය වංචාකරුවන් හඳුනාගැනීමේ කටයුතු සිදු කරන බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළා.

අද දිනයේ 75 වන නිදහස සමරන ලැබුව ද එය සමරන්නට සිදුව ඇත්තේ බංකොලොත් වූ, කඩාවැටුණු රටක වන අතර රටේ ජනතාව දරාගත නොහැකි ආර්ථික පීඩනයකින් සිටින බවද ඔහු පෙන්වා දෙනවා.

කුස ගින්නෙන් දැවෙන ජනතාව, අපේක්ෂා භංග වූ තරුණ පරපුර, අධ්‍යාපනය අහිමි වූ දූ දරුවන් ඇතුළු ක්ෂේත්‍ර රැසක් බරපතල ව්‍යසනයකට මැදිව ඇති බැවින් මේ තත්ත්වය වෙනස් කර රට ගොඩනගන නව නිදහස් අරගලය එළඹෙන පළාත් පාලන මැතිවරණයෙන් පසු ආරම්භ කරන බව ද සඳහන් කළා.

එදා ජාති, ආගම්, කුල, මල, පක්ෂ භේදයකින් තොරව සියලුදෙනා මේ රටට නිදහස ලබාගැනීමට ඇප කැප වූ බව සිහිපත් කළ විපක්ෂ නායකතුමා ඔවුන්ට සිය ප්‍රණාමය පුද කරන බවයි ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27