spot_imgspot_img
spot_img

සොරා කන මුදල් නැවත අයකර ගන්නා ක්‍රමවේදය විපක්ෂ නායක පහදයි

සොරා කන ලද මුදල් නැවත අයකර ගැනීම සඳහා බිහිකරන කළමනාකරණ අධිකාරිය ශක්තිමත් කර මෙතෙක් හොරකම් කරන ලද සියලු මුදල් නැවත ගැනීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මුදල් විශුද්ධිකරණ පනත ද නවීකරණය කර ශක්තිමත් කරන බවයි ඔහු හිනිඳුම ආසන බල මණ්ඩලයේ පැවති රැස්වීමක් අමතන් කියාසිටියේ.

ජාත්‍යන්තර මූල්‍ය සම්පාදන පිළිබඳව බුද්ධිමය දැනුම ඇති ආයතන සම්බන්ධ කරගෙන මූල්‍ය වංචාකරුවන් හඳුනාගැනීමේ කටයුතු සිදු කරන බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළා.

අද දිනයේ 75 වන නිදහස සමරන ලැබුව ද එය සමරන්නට සිදුව ඇත්තේ බංකොලොත් වූ, කඩාවැටුණු රටක වන අතර රටේ ජනතාව දරාගත නොහැකි ආර්ථික පීඩනයකින් සිටින බවද ඔහු පෙන්වා දෙනවා.

කුස ගින්නෙන් දැවෙන ජනතාව, අපේක්ෂා භංග වූ තරුණ පරපුර, අධ්‍යාපනය අහිමි වූ දූ දරුවන් ඇතුළු ක්ෂේත්‍ර රැසක් බරපතල ව්‍යසනයකට මැදිව ඇති බැවින් මේ තත්ත්වය වෙනස් කර රට ගොඩනගන නව නිදහස් අරගලය එළඹෙන පළාත් පාලන මැතිවරණයෙන් පසු ආරම්භ කරන බව ද සඳහන් කළා.

එදා ජාති, ආගම්, කුල, මල, පක්ෂ භේදයකින් තොරව සියලුදෙනා මේ රටට නිදහස ලබාගැනීමට ඇප කැප වූ බව සිහිපත් කළ විපක්ෂ නායකතුමා ඔවුන්ට සිය ප්‍රණාමය පුද කරන බවයි ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?