නිදහස් සැමරුමේ වියදම් ගැන අලුත්ම අනාවරණයක්

75 වන ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් ජනවාරි මස 02 දා වන විට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය යටතේ රුපියල් 29,588,664.90ක මුදලක් වැය වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

නිදහස් උත්සවයට පැමිණෙන අය වෙනුවෙන් ජංගම වැසිකිළි සඳහා ජනවාරි මස 2 වනදා වන විට වැය කර ඇති මුදල රුපියල් 14,258,850.00ක්.

අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය නම් සංවිධානයේ ජාමුනි කමන්ත තුෂාර නම් අයෙකු විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමකට අනුව අමාත්‍යංශය විසින් මෙම වියදම් ඇස්තමේන්තුව නිකුත් කර තිබෙනවා.

ඔහු අදාළ ඉල්ලීම කර ඇත්තේ පසුගිය ජනවාරි මස 26 වනදා වන අතර එම ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ජනවාරි දෙවනදා වන විට පැවති වියදම් සම්බන්ධයෙනුයි අමාත්‍යංශය තොරතුරු ලබාදී ඇත්තේ.

අදාළ ලිපියේ දැක්වෙන තොරතුරුවලට අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට මෙවර නිදහස් සැමරුම වෙනුවෙන් රුපියල් මිලියන 55ක මුදලක් වෙන්කර තිබෙනවා.

බුද්ධ ශාසන අමාත්‍යංශයට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 40ක්. අධ්‍යාපන අමාත්‍යංශයට මිලියන 5.8ක් සහ රජයේ කර්මාන්ත ශාලා සහ දෙපාර්තමේන්තු වෙනුවෙන් මිලියන 39ක් වෙන්කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කර ඇති තොරතුරුවලට අනුව නිදහස් සැමරුමේ කටයුතු වෙනුවෙන් ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයට රුපියල් මිලියන 2ක් සහ ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් මිලියන 21ක් වෙන්කර තිබෙනවා.

ඒ අනුව අදාළ අමාත්‍යංශ සහ ආයතන වෙත වෙන්කර ඇති සමස්ත මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 162.8ක්.

මෙම ඇස්තමේන්තුගත මුදල්වලින් රාජ්‍ය පරිපාල අමාත්‍යංශය ජනවාරි දෙවනදා වන විට රුපියල් 29,588,664.90ක මුදලක් වැයකර තිබෙනවා.

ඒ අතරින් ජංගම වැසිකිළි සඳහා එම අමාත්‍යංශය වැයකර ඇති මුදල රුපියල් 14,258,850.00ක මුදලක්.

ආරාධිතයින් සඳහා පුටු මිලදී ගැනීමට රුපියල් 955,650ක්, රූපවාහිනී යන්ත්‍ර, විදුලි පංකා කාර්මික පංකා ඇතුලු සිසිලන යන්ත්‍ර සඳහා 519,225ක්, විද්‍යුත් තිර සැපයීමට රුපියල් 2,793,750ක් සහ අකුණු සන්නායක සවි කිරීම සඳහා රුපියල් 345,000ක් වැය කර ඇති බවයි අදාළ ලේඛණයේ දැක්වෙන්නේ.

ශබ්ද විකාශන පද්ධතිය සැපයීමට රුපියල් 3,207,800ක්, පුෂ්පෝපහාර දැක්වීම වෙනුවෙන් මල් බඳුන් ලබා ගැනීමට රුපියල් 40,000ක්, කොඩි මිලදී ගැනීමට රුපියල් 1,380,000ක් ජනවාරි දෙවනදා වන විට වැය කර තිබෙනවා.

ඊට අමතරව රාජ්‍ය පරිපාල අමාත්‍යංශය විසින් නවාතැන් ඇතුලු සංග්‍රහ වියදම් වෙනුවෙන් රුපියල් 690,900ක මුදලක්, තානාපතිවරුන් ඇතුලු විදේශීය අමුත්තන් වෙනුවෙන් භාෂා පරිවර්තන උපකරණ සැපයීමට රුපියල් 575,000ක් සහ ලිපි ද්‍රව්‍ය ඇතුලු කාර්යාලයීය උපකරණ වෙනුවෙන් රුපියල් 600000ක් වෙන්කර තිබෙනවා.

සියලුම ආරාධිතයින්, සංවිධාන කටයුතු ඇතුලු සහාය කාර්ය මණ්ඩල සඳහා වියදම් 1,849,250ක්, නිදහස් දින සමරු පෙළපාලියට අදාළව යුද්ධ හමුදාව විසින් සිදු කරනු ලබන විවිධ කාර්යයන් සඳහා රුපියල් 503,239.90ක් වැය කර ඇති බවටයි දැක්වෙන්නේ.

75 වන නිදහස් දින සැමරුම් සංස්කෘතික ප්‍රසංගය වෙනුවෙන් නිදහස් චතුරස්‍රයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් 330,000ක් වැය කර තිබෙනවා.

නිදහස් මන්දිර පරිශ්‍රයේ සංරක්ෂණය කළ යුතු අනුරූ ඇතුළු අනෙකුත් පිළිසකර කිරීම් සඳහා රුපියල් 420,000ක් වැය වී ඇති අතර ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය වෙතින් අකුණු සන්නායක පද්ධතිය සවි කිරීමට අදාළ උපදේශනය සඳහා රුපියල් 20000ක් වැය කර තිබෙනවා.

ඊට අමතරව නිදහස් සමරු උළෙලේ රාජකාරී කටයුතු සිදු කෙරෙන සියලුම කාලසීමාවන්ට අදාළ ප්‍රවාහන හා ඉන්ධන වියදම් වෙනුවෙන් රුපියල් 1,000,000ක් වෙන්වී ඇති අතර ආරාධනා පත්‍ර තැපැල් කිරීම හා අනෙකුත් රාජකාරී වෙනුවෙන් රුපියල් 100,000ක් වැයවී තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ජනවාරි මස දෙවනදා වන විට සිදු කර ඇති මෙම වියදම්වල එකතුව රුපියල් 29,588,664.90ක් වනවා.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ ඉල්ලීම වෙනුවෙන් නිකුත් කර ඇති මෙම වියදම් ඇස්තමේන්තුව පිළිබඳ විස්තරාත්මක තොරතුරු අදාළ අමාත්‍යංශ වෙතින් ලබාගන්නා ලෙසටයි වැඩිදුරටත් දන්වා ඇත්තේ.

Independence Day2
Independence Day1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?