ගසක් කඩා වැටීමෙන් හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට බාධා

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයට විශාල මාර ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණහිට තිබෙනවා.

අද පස්වරු ට පමණ මාර ගස කඩා වැටී ඇත්තේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ දිඹුලපතන ඩෙවොන් වත්ත ප්‍රදේශයේදියි.

ප්‍රධාන මාර්ගය අභියස පිහිටා තිබු විශාල මාර ගස පස්වරුවේ සිටම කඩා වැටීමේ අවදානමක පැවතීම හේතුවෙන් දිඹුලපතන පොලිසියේ නිලධාරින් මාර්ගයේ ධාවනය කළ වාහන නතර කර වතු කම්කරුවන්ගේ සහය ඇතිව ගස කපමින් සිටියදී යි එය ප්‍රධාන මාර්ගයට කඩා වැටී ඇත්තේ.

ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු මාර ගස එම වතු යායේ වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසින්ගේ සහය ඇතිව කපා ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මීට වසර කිහිපයකට පෙර එම මාර්ගය අභියස පිහිටා තිබු විශාල මාර ගසක් ප්‍රධාන මාර්ගයේ ධාවනය කල ත්‍රී රෝද රථයක් මතට කඩා වැටීමෙන් එහි ගමන් ගත් දෙදෙනෙකු එම ස්ථානයේදිම ජිවිතක්ෂයට පත්වුණා.

මාර ගස කඩා වැටුණු ස්ථානයේ ප්‍රධාන මාර්ගය අභියස තවත් මාර ගස් කිහිපයක් කඩා වැටීමේ අවදානමක් පවතින බවයි ප්‍රදේශවාසීන් සඳහන් කර ඇත්තේ.

01 6 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38