ශ්‍රී ලංකාවට මූල්‍ය සහතිකයක් දෙන්න බ්‍රිතාන්‍ය සූදානම්

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා විධායක කමිටුවේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය මූල්‍ය සහතික අවශ්‍ය කාලයේදී ලබා දීම සඳහා සලකා බැලීමට පැරිස් සමාජයේ සාමාජිකයකු ලෙස එක්සත් රාජධානිය සුදානමින් සිටින බව එක්සත් රාජධානියේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා අමාත්‍ය ඈන් මරී ට්‍රවෙලියන් මහත්මිය පවසනවා.

පසුගිය 24 වැනිදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ඇය මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ණය ප්‍රතිව්‍යුහ ගත කරන සාකච්ඡාවේදී පැරිස් සමාජයේ සාමාජිකයන් සහ අනෙක් ණය හිමියන් සම්බන්ධීකරණය කිරීම සඳහා යෝජිත වේදිකාවට එක්සත් රාජධානිය සම්පූර්ණ සහාය දක්වන අතර ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය නැවත ඇති කිරීම සඳහා එය වඩාත් කාර්යක්ෂම ක්‍රමය බව එක්සත් රාජධානිය විශ්වාස කරන බවයි එහිදී ඈන් මරී ට්‍රවෙලියන් මහත්මිය පවසා ඇත්තේ.

ශ්‍රී ලංකාවට තිරසර ආර්ථික වර්ධන මාවතකට පැමිණීමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් ලබා ගැනීමටත් ණය හිමියන් සියලු දෙනා අතර ඵලදායි සාකච්ඡාවක් ඇති විය යුතු බව ඈන් මරී ට්‍රවෙලියන් මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා .

ආර්ථික විද්‍යාඥයන් සහ විද්වතුන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ බර ණය හිමියන් දරා ගත යුතුයි යන ප්‍රකාශය සම්බන්ධයෙන් කොන්සර්වටිව් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බොබ් බ්ලැක්මන් නගා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඈන් මරී ට්‍රවෙලියන් මහත්මිය මේ බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

anne marie trevelyan New Final Statement
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?