ශ්‍රී ලංකාවට මූල්‍ය සහතිකයක් දෙන්න බ්‍රිතාන්‍ය සූදානම්

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා විධායක කමිටුවේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය මූල්‍ය සහතික අවශ්‍ය කාලයේදී ලබා දීම සඳහා සලකා බැලීමට පැරිස් සමාජයේ සාමාජිකයකු ලෙස එක්සත් රාජධානිය සුදානමින් සිටින බව එක්සත් රාජධානියේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා අමාත්‍ය ඈන් මරී ට්‍රවෙලියන් මහත්මිය පවසනවා.

පසුගිය 24 වැනිදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ඇය මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ණය ප්‍රතිව්‍යුහ ගත කරන සාකච්ඡාවේදී පැරිස් සමාජයේ සාමාජිකයන් සහ අනෙක් ණය හිමියන් සම්බන්ධීකරණය කිරීම සඳහා යෝජිත වේදිකාවට එක්සත් රාජධානිය සම්පූර්ණ සහාය දක්වන අතර ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය නැවත ඇති කිරීම සඳහා එය වඩාත් කාර්යක්ෂම ක්‍රමය බව එක්සත් රාජධානිය විශ්වාස කරන බවයි එහිදී ඈන් මරී ට්‍රවෙලියන් මහත්මිය පවසා ඇත්තේ.

ශ්‍රී ලංකාවට තිරසර ආර්ථික වර්ධන මාවතකට පැමිණීමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් ලබා ගැනීමටත් ණය හිමියන් සියලු දෙනා අතර ඵලදායි සාකච්ඡාවක් ඇති විය යුතු බව ඈන් මරී ට්‍රවෙලියන් මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා .

ආර්ථික විද්‍යාඥයන් සහ විද්වතුන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ බර ණය හිමියන් දරා ගත යුතුයි යන ප්‍රකාශය සම්බන්ධයෙන් කොන්සර්වටිව් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බොබ් බ්ලැක්මන් නගා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඈන් මරී ට්‍රවෙලියන් මහත්මිය මේ බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

anne marie trevelyan New Final Statement
  1. OKA ME AWURUDHDHETH LABENNE NAHE NAHE NEHEMAYI. UN APIWA WATEYI YAWANAWA. KINDIYA DANAWA UNGE RATAWA MINISSU, SAMAJA SANWIDHANA, CHARITY WAIN ADHARA EKATHU KARALA EWALA. TSUNAMI SAHANADHARA MANKOLLA KAPU EWUNGEN PIRUNA UN PALANAYA KALA ANUWAK MEKA. EKATA KALA DEYA DANNA EKEK MUN ILLUWATA SATHA PAHAK DENE NAHE. APE GONNU NODANNAWA UNATA, DENA GATHTHATHA SWYANWINDHAYEN REWATENNA ASA HARAK INNA RATAKA EWA PILI GATHTHE NATHAHT ME SIYALU RATAWAL DANNAWA PPHARA SET EKA RATA MANKOLLA KAPU HATI. UNWA WEDDA GANNA BERI WENNA HEMA THANINMA BAN KARANNE ANNA EKAYI.