ගොයම් කහපැහැ වීම ගැන වාර්තාවක්

ශ්‍රී ලංකාවේ මහ කන්නයේ වී වගාව ආශ්‍රිතව ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වන ගොයම් කහ පැහැ වීමේ තත්ත්වය සම්බන්ධව පසුගිය සති දෙකක් තුළ එම දෙපාර්තමේන්තුව කරන ලද නිරීක්ෂණයන් අනුව වාර්තාවක් ඊයේ (24) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත භාරදී තිබෙනවා.

ගොයම් කහ පැහැවීමේ තත්ත්වය සම්බන්ධව වාර්තාවීමෙන් අනතුරුව ඒ සම්බන්ධව විධිමත් නිරීක්ෂණයන් සිදු කර කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත වාර්තාවක් ලබා දෙන ලෙසත්, මේ සම්බන්ධව ගත හැකි පියවර සම්බන්ධව කරුණු ඉදිරිපත් කරන ලෙසත් කෘෂිකර්ම අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබුණා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්තාවට අනුව ඔවුන් මෙම ගොයම් කහපැහැ වීම වාර්තා වූ දිස්ත්‍රික්ක 14ක තම නිලධාරින් යොදවා විමර්ශන කටයුතු සිදු කර තිබෙනවා.

මෙම වාර්තාව පෙන්වා දෙන පරිදි ගොයම් කහපැහැවීමට හේතු වී තිබෙන ප්‍රධාන කරුණු කිහිපයක් වනවා.

ඒවා වන්නේ පොස්පරස් (P) ඌනතාවය, පොටෑසියම් (K) ඌනතාවය, පොටෑසියම් හා පොස්පරස් දෙකම (P and K) එකවර ඌනවීම, නෙමටෝඩා විසින් ගොයම් ගස්වල මූල පද්ධතියට හානි කිරීම, පැළ මැක්කාගේ Rice Thrift හානිය, දුඹුරු කීඩෑ උවදුර, කුඹුරුවල ලවනතාවය ( Salinity), යකඩ විෂවීම (Iron Toxicity) යන තත්ත්වයන් වනවා.

ගොයම් කහ පැහැවීම වළක්වා ගැනීමට ගොවීන්ට අවශ්‍ය දැනුම්වත් කිරීම් කටයුතු සිදු කෙරෙන අතරම අවශ්‍ය වුවහොත් කෘමිහානි මර්දනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මුදල් වියදම් කර ඒ සඳහා අවශ්‍ය කෘමිනාශක මිල දී ගෙන අවශ්‍ය කටයුතු යොදන ලෙසටයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී ඇත්තේ.

ඊට අමතරව නිරීක්ෂණයට ලක් කළ කුඹුරුවලින් බහුතරයක් පෝෂණ ඌනතා නිසා කහ පැහැතිවී ඇති බව හෙළිදරව් වී තිබෙනවා.

ඊට හේතුව නම් ගොවි ජනතාව විසින් MOP හෙවත් බන්ඩි පොහොර මෙතෙක් කුඹුරුවලට යෙදීමට පියවර නොගැනීමයි.

ඊයේ (24) දිනය වනවිට බන්ඩි පොහොර අලෙවි වී තිබෙන්නේ සමස්ත ප්‍රමාණයෙන් සියයට 10ක් පමණක් බව සඳහන්.

දැනට බන්ඩි පොහොරවල මිල ඉහළ මට්ටමක පවතින නිසා රජය විසින් අලෙවි කරන බන්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල ගොවි ජනතාවට පහසුවක් වන පරිදි සැළකිය යුතු මුදලකින් අඩු කිරීමට අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මේ වනවිටත් ඉදිරිපත් කර තිබෙනවා.

එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ලබන සතියේ සාකච්ඡාවට ඉදිරිපත් වනු ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙවර මහ කන්නයේ වගා කර ඇති කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 780,000ක්.

මෙම ගොයම් කහ පැහැ ගැන්වීමේ රෝග තත්ත්වයන් වාර්තා වන්නේ සියයට 10ක පමණ ප්‍රමාණයක පමණයි.

එයින් ඇතැම් ප්‍රදේශවල නෙමටෝඩා රෝග තත්ත්වය දක්නට ලැබෙන්නේ සියයට 02ක් පමණ ප්‍රමාණයක බව සඳහන්.

එමෙන්ම ඇතැම් දිස්ත්‍රික්කවල කුඹුරුවල තත්ත්වය ඉතාමත් හොඳ මට්ටමක ද පවතින බව තහවුරු වු බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ.

කෙසේ වුවද මෙම රෝග තත්ත්වය මර්දනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරින් කැප වී කටයුතු කරන බව මෙම අවස්ථාවට සහභාගි වූ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?