ගොයම් කහපැහැ වීම ගැන වාර්තාවක්

ශ්‍රී ලංකාවේ මහ කන්නයේ වී වගාව ආශ්‍රිතව ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වන ගොයම් කහ පැහැ වීමේ තත්ත්වය සම්බන්ධව පසුගිය සති දෙකක් තුළ එම දෙපාර්තමේන්තුව කරන ලද නිරීක්ෂණයන් අනුව වාර්තාවක් ඊයේ (24) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත භාරදී තිබෙනවා.

ගොයම් කහ පැහැවීමේ තත්ත්වය සම්බන්ධව වාර්තාවීමෙන් අනතුරුව ඒ සම්බන්ධව විධිමත් නිරීක්ෂණයන් සිදු කර කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත වාර්තාවක් ලබා දෙන ලෙසත්, මේ සම්බන්ධව ගත හැකි පියවර සම්බන්ධව කරුණු ඉදිරිපත් කරන ලෙසත් කෘෂිකර්ම අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබුණා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්තාවට අනුව ඔවුන් මෙම ගොයම් කහපැහැ වීම වාර්තා වූ දිස්ත්‍රික්ක 14ක තම නිලධාරින් යොදවා විමර්ශන කටයුතු සිදු කර තිබෙනවා.

මෙම වාර්තාව පෙන්වා දෙන පරිදි ගොයම් කහපැහැවීමට හේතු වී තිබෙන ප්‍රධාන කරුණු කිහිපයක් වනවා.

ඒවා වන්නේ පොස්පරස් (P) ඌනතාවය, පොටෑසියම් (K) ඌනතාවය, පොටෑසියම් හා පොස්පරස් දෙකම (P and K) එකවර ඌනවීම, නෙමටෝඩා විසින් ගොයම් ගස්වල මූල පද්ධතියට හානි කිරීම, පැළ මැක්කාගේ Rice Thrift හානිය, දුඹුරු කීඩෑ උවදුර, කුඹුරුවල ලවනතාවය ( Salinity), යකඩ විෂවීම (Iron Toxicity) යන තත්ත්වයන් වනවා.

ගොයම් කහ පැහැවීම වළක්වා ගැනීමට ගොවීන්ට අවශ්‍ය දැනුම්වත් කිරීම් කටයුතු සිදු කෙරෙන අතරම අවශ්‍ය වුවහොත් කෘමිහානි මර්දනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මුදල් වියදම් කර ඒ සඳහා අවශ්‍ය කෘමිනාශක මිල දී ගෙන අවශ්‍ය කටයුතු යොදන ලෙසටයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී ඇත්තේ.

ඊට අමතරව නිරීක්ෂණයට ලක් කළ කුඹුරුවලින් බහුතරයක් පෝෂණ ඌනතා නිසා කහ පැහැතිවී ඇති බව හෙළිදරව් වී තිබෙනවා.

ඊට හේතුව නම් ගොවි ජනතාව විසින් MOP හෙවත් බන්ඩි පොහොර මෙතෙක් කුඹුරුවලට යෙදීමට පියවර නොගැනීමයි.

ඊයේ (24) දිනය වනවිට බන්ඩි පොහොර අලෙවි වී තිබෙන්නේ සමස්ත ප්‍රමාණයෙන් සියයට 10ක් පමණක් බව සඳහන්.

දැනට බන්ඩි පොහොරවල මිල ඉහළ මට්ටමක පවතින නිසා රජය විසින් අලෙවි කරන බන්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල ගොවි ජනතාවට පහසුවක් වන පරිදි සැළකිය යුතු මුදලකින් අඩු කිරීමට අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මේ වනවිටත් ඉදිරිපත් කර තිබෙනවා.

එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ලබන සතියේ සාකච්ඡාවට ඉදිරිපත් වනු ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙවර මහ කන්නයේ වගා කර ඇති කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 780,000ක්.

මෙම ගොයම් කහ පැහැ ගැන්වීමේ රෝග තත්ත්වයන් වාර්තා වන්නේ සියයට 10ක පමණ ප්‍රමාණයක පමණයි.

එයින් ඇතැම් ප්‍රදේශවල නෙමටෝඩා රෝග තත්ත්වය දක්නට ලැබෙන්නේ සියයට 02ක් පමණ ප්‍රමාණයක බව සඳහන්.

එමෙන්ම ඇතැම් දිස්ත්‍රික්කවල කුඹුරුවල තත්ත්වය ඉතාමත් හොඳ මට්ටමක ද පවතින බව තහවුරු වු බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ.

කෙසේ වුවද මෙම රෝග තත්ත්වය මර්දනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරින් කැප වී කටයුතු කරන බව මෙම අවස්ථාවට සහභාගි වූ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය සඳහන් කළා.

  1. INSPECTION REPORT EKAKA THIYENNA ONA QUALITATIVE GENERAL ASSUMPTION WALATA WADA QUANITATIVE ACCEPTALE MEASURES. EYI KIYANNE GUNATHMA KARUNU GANANAYA KARANNA BAHE. PRAMANATHMAKA KARUNU GANANAYA KARANNA PULUWAN. ATHEM, BOHO, HONDHA MATTAMA, AWASHYA THARAM, PRAMANAWATH, BAHUTHARAYAK, SELAKIYAYUTH MEWA THERUMAK NATHI NIKAM HIS WACHANA GODAK WITHARAYI. LAKSHA GANAK WIYADAM KARALA WARTHAWAK HADALA NISI SANKYA LEKHANA NATHIWA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26