බී වාර්තාවක් ගැන, පොලිස්පති බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලයි

නීතිඥවරුන් කිහිපදෙනෙකුට එරෙහිව කෙසල්වත්ත පොලිසිය මගින් අධිකරණය වෙත බී වාර්තාවක් ඉදිරිපත් කිරීම පිළිබඳ පොලිස්පතිවරයා විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා.

පොලිසිය නිවේදනය කළේ මෙම බී වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ පොලිස්පතිවරයාගේ හෝ පොලිස් මූලස්ථානයේ නීති කොට්ඨාසයේ අනුදැනුමකින් තොරව බවයි.

මේ අතර නීතීඥයින් පිරිසකට එරෙහිව කෙසෙල්වත්ත පොලිසිය ගොනු කළ බී වාර්තාවට අදාළව සවිස්තර වාර්තාවක් ලබාදෙන ලෙසට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද පොලිස්පතිවරයාට දැනුම්දී තිබෙනවා.

පසුගිය 8 වනදා නීතීඥවරුන් මෙම විරෝධතාවයේ නිරත වුයේ නීතිපතිවරයා අධිකරණයට කරන ඇඟිලි ගැසීම් හෙළා දකින බවට පවසමින්.

කෙසෙල්වත්ත පොලිසිය විසිනුයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෙම විරෝධතාව සම්බන්ධයෙන් කරුණු වාර්තා කර ඇත්තේ.

පොලිසිය එමගින් සඳහන් කර තිබුනේ මෙම විරෝධතාව තුළින් මැතිවරණ පනත, මංමාවත් පනත, පොලිස් ආඥා පනත උල්ලංඝනය වූ අතර මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවටයි.

මෙම වාර්තාව සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මේ සම්බන්ධයෙන් ඉදිරියේදී පියවර ගෙන කරුණු වාර්තා කරන ලෙස නියෝග කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ විශේෂයෙන්ම පොලිසිය මෙම බී වාර්තාව ගොනු කර ඇත්තේ කුමන පදනමක් මතද යන්න පිළිබඳව තම කොමිසම අවධානය යොමු කර ඇති බවයි.

පොලිස්පතිවරයාගෙන් අදාළ සවිස්තර වාර්තාව ලැබුණු පසු පරීක්ෂණයක් පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවනිවේදනය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14