විදෙස් ගතවන ශ්‍රමිකයන්ගේ අධ්‍යාපන මට්ටම ගැන හෙළිදරව්වක්

විදේශගත වන ශ්‍රමිකයන්ගෙන් 56%කගේ අධ්‍යාපන මට්ටම අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා පමණක් බව මානව හිමිකම් හා ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයේ කුරුණෑගල ශාඛාව අනාවරණය කර තිබෙනවා.

මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ සංක්‍රමණික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සහ සංක්‍රමණික සේවා ගිවිසුම් පිළිබඳ සිදු කරන ලද සමීක්ෂණයක් මගින්.

ඉහත කරුණු අනාවරණය වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගරු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගේ සභාපතිත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියන්ගේ සංසද රැස්වීමේදීයි.

මැදපෙරදිග රටවලට සංක්‍රමණය වන සංක්‍රමණික ශ්‍රමිකයන්ගෙන් බහුතරයක් පුද්ගලික ආයතන හරහා විදෙස්ගත වන අතර, එහිදී ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා පමණක් වුවද, ඔවුන්ගෙන් 52% ක ප්‍රතිශතයක් සංක්‍රමණ සේවා ගිවිසුම ඉංග්‍රීසි භාෂාවෙන් අත්සන් කරන අතර අනෙකුත් සංක්‍රමණික ශ්‍රමිකයන් එම ගිවිසුම් අරාබි භාෂාවෙන් අත්සන් කරන බවයි එහිදී අනාවරණය වී ඇත්තේ.

එබැවින්, විදේශ සංක්‍රමණික ශ්‍රමිකයෙකු එවැනි සංක්‍රමණික සේවා ගිවිසුමක් අත්සන් කරනුයේ ඒ පිළිබඳ නිසි අවබෝධයකින් ද යන්න පිළිබඳ කමිටුවේ අවධානය යොමු වී තිබෙනවා.

එමෙන්ම, සංක්‍රමණික ශ්‍රමිකයින්ගෙන් 60%ක් කුවේටයට සහ ඉතිරි පිරිස සෞදි අරාබිය සහ අනෙකුත් මැදපෙරදිග රටවලට සංක්‍රමණය වන අතර, රැකියා සඳහා සංක්‍රමණය වන පිරිසෙන් 70%ක්ම ගෘහ සේවිකාවන් බවයි මෙහිදී වැඩිදුරටත් හෙළිවී ඇත්තේ.

කාරක සභා සභාපති වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පෙන්වා දුන්නේ විගමණික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සහ විගමණික සේවා ගිවිසුමට අදාළව මතුව ඇති කරුණු සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කළ යුතු බව සහ අදාළ නිලධාරීන් සහ බලධාරීන් එම කමිටුව හමුවට කැඳවිය යුතු බවයි.

මෙම කමිටු රැස්වීමට සංසදයේ ලේකම් පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14