කාශ්‍යප රජුගේ පුරවරයේ සිට ඉර පායන හැටි බලන්න අවසර

සීගිරිය පර්වතය මත සිට දිනපතා ඉරපායන දර්ශනය සහ ඉර බැසයන ආකාරය නැරඹීයට දේශීය විදේශීය සංචාරකයන්ට අද සිට අවසරය හිමි වනවා.

අලුයම 5.30 සිට රාත්‍රී 09 පමණ වන තෙක් මේ සඳහා අවසරය ලබා දෙන බවයි ඉර සේවය නැරඹීමේ ආරම්භක අවස්ථාවට එක්වෙමින් සීගිරිපව්ව වෙත පැමිණි බුද්ධද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක ප්‍රකාශ කළේ.

සීගිරිය නැරඹීම සහ පර්වතය ඉහළ මාලයේ සිට ඉර පායන දසුන් නැරඹීමට අද සිට ඕනෑම සංචාරකයකුට අවසර ඇති අතර තමන්ද මෙම අත්දැකීම පළමු වරට විඳ ගත් බව අමාත්‍ය විදුර වික්‍රමනායක සඳහන් කළා.

ඔහු මෙහිදී පෙන්වා දුන්නේ පුරාවිද්‍යා ස්ථාන හරහා දේශීය විදේශීය සංචාරකයන් ඉලක්ක කර නව වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කරමින් පවතින බවයි.

අලුයම 5.30ට ‍ප්‍රවේශපත්‍ර කවුළුව විවෘත කිරීමෙන් අනතුරුවව අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම විදේශීය සංචාරකයන් කීප දෙනෙකු ද සමඟ සීගිරි පර්වතය මතට ගමන් කළා.

ඔවුන්ට අද උදෑසන හය පසුවී විනාඩි කිහිපයක් ගතවෙද්දී ඉර පායන දර්ශනය දැක ගැනීමට හැකි වුණා.

තමන් ජීවිතයේ ලද ඉතා අපූරු අත්දැකීමක් මෙය බව මෙම අවස්ථාවට එක්ව සිටි විදේශීය තරුණියන් දෙදෙනකු අදහස් දක්වමින් ප්‍රකාශ කළා,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23