උරගස්මංහන්දිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනිය සහ පාලකවරිය බව කියන විදේශීය කාන්තාවක් පහර දුන් බව කියමින් සිසුවියන් තිදෙනෙක් ගෝනදූව රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් පසුවන බව වාර්තා වනවා.
අදාළ පාසල විදේශීය ආධාර මත පවත්වාගෙන යනු ලබන එකක් වන අතර, පාසලේ වතුර කරාමයක් කඩා දැමූ බවට චෝදනා කරමින් මෙම සිසුවියන් තිදෙනාට පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
වයස අවුරුදු 10, 12 සහ 14 යන වයස්වල පසුවන සිසුවියන් තිදෙනෙක් මෙලෙස වේවැලකින් පහර කා ඇති බව සඳහන්.
පහර කෑමට ලක්වූ බාලවයස්කාර සිසුවියන්ගේ මවුපියන් මේ බව උරගස්මංහන්දිය පොලීසියට පැමිණිලි කර ඇති අතර, මේ සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1














