ශ්‍රී ලංකාව සමග පැවති T20 තරගාවලියේ ජය ඉන්දියාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති T20 තරගාවලිය දෙකට එකක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත්වුණා.

ඒ දෙරට අතර පැවති තුන්වන සහ අවසන් T20 තරගයේ ජය ඉන්දියාවට හිමිවීමත් සමගයි.

රාජ්කොට් හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක හර්දික් පාන්ඩ්යා අද තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 228ක් ලබාගත්තා.

විශිෂ්ඨ පිති හරඹයක නිරත වූ සුර්යකුමාර් යාදෙව් නොදැවී ලකුණු 112ක් ලබාගත්තේ පන්දු 51කට මුහුණ දෙමින්. හයේ පහර 9ක් සහ හතරේ පහර 7ක් ඊට අයත්.

මෙය සූර්ය කුමාර් යාදෙව්ගේ වාර්තා අතරට එක්වන්නේ ඔහු T20 තරග දිවියේ රැස් කළ තුන්වන ශතකය ලෙසටයි.

Shubman Gill ලකුණු 46යි. රාහුල් ත්‍රිපති ලකුණු 35ක් ලබාගත්තා.

නායක හර්දික් පාන්ඩ්යා ලකුණු 4ක් ලබා සිටියදී දැවී ගියා. Axar Patel නොදැවී 21යි.

දිල්ෂාන් මදුෂංක කඩුලු දෙකක් බිඳහෙළුවා. කසුන් රාජිත, මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ඒ අනුව තීරණාත්මක තුන්වන සහ අවසන් T20 තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට හිමිවූ ඉලක්කය ලකුණු 229ක්.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16 යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 137ක් පමණයි.

ඒ අනුව මෙම තරගය ඉන්දියාව ජය ගත්තේ ලකුණු 91කින්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් පන්දු 15ක් තුල වේගවත් ලකුණු 23ක් ලබාගත්තේ හයේ පහර 2ක් සහ හතරේ පහර 2ක් සමගින්. පැතුම් නිස්සංක ලකුණු 15යි. ධනංජය ද සිල්වා ලකුණු 22ක් සහ චරිත් අසලංක 19ක් ලබාගත්තා.

නායක දසුන් ශානක අද ලකුණු 23ක් රැස් කළා. කසුන් රාජිත නොදැවී ලකුණු 9ක් ලබාගත් අතර වනිඳු හසරංග ද ලකුණු 9ක් ලබා සිටියදී දැවී ගියා. චාමික කරුණාරත්නට කිසිදු ලකුණක් ලබාගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

පන්දු යැවීමේදී අර්ශදීප් සිං ලකුණු 20කට කඩුලු 3ක් බිඳහෙළුවා. හර්දික් පාන්ඩ්යා කඩුලු දෙකයි.

මෙම T20 තරගාවලියේ පළමු තරගය ඉන්දියාව ලකුණු 2කින් ජයගත් අතර දෙවන තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ ලකුණු 16කින්.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය ලබන 10 වනදා ආරම්භ වනවා. එහි පළමු තරගය පැවැත්වෙන්නේ Guwahati හිදියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝ ඔයාලගේ උද්ඝෝෂණයට කවුරුත් නෑනේ ? - ආපු අය Missing..ශම්මි GO HOME විරෝධතාවයට අද ආවේ 4 ක්
12:16
Video thumbnail
ඉරාන නෞකාවේ යැයි සැක කරන කොටස්, තෙල් පැල්ලම් සීනිගම වෙරළේ දක්නට ලැබෙයි..මාළුත් මැ#ලා
01:33
Video thumbnail
විජේවීරගෙන් ප්‍රභාගෙන් කෞතුකාගාර කොළඹම හදන්න..මිහින්තලේ හිමි සැර වෙයි
03:42
Video thumbnail
ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා
00:44
Video thumbnail
පුංචි දරුවයි,රියදුරුයි බරපතළ කළ බිහිසුණු අනතුර
00:30
Video thumbnail
වාහන තුනක් එකිනෙක ගැ#මෙන් බුත්තල දී සිදුවූ බිහිසුණු අනතුර..සි#ව සිටි අයෙක් බේරගන්න දැරූ වෑයම
01:40
Video thumbnail
දොළොස් හැවිරිදි දැරියකට කැත වැඩක් කර එළොව යැවූ විත්තිකරුවකුට ම#ණ දඬුවම
00:57
Video thumbnail
ඉරාන දෙවෙනි නෞකාවේ සිටි පිරිස මුදා ගැනීමේ මෙහෙයුම..මෙන්න නවතම දර්ශන පෙළක්
03:08
Video thumbnail
Kasthirama | "රටම එකට ජාතික මෙහෙයුමේ ප්‍රගතිය" තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:21:25
Video thumbnail
දවස් ගානක් මහ පාන්දරම ඇවිත් ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට සොරදෙටුවා දෙන ෆුල් සුද්දය
01:10