මාලිංගගෙන් කල්තියාම අනාවැකියක්

ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයක් වූ දෙවන විස්සයි විස්ස තරගය ඉන්දියාව පරදා ලකුණු 16ක සුපිරි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (06) රාත්‍රියේ හැකියාව ලැබුණා.

කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, පන්තුම් නිස්සංක පිත්තෙන් දැක්වූ දක්ෂතා සහ නායක දසුන් ශානකගේ අති විශිෂ්ඨ තුන් ඉරියව් දක්ෂතා මෙන්ම කසුන් රාජිත සහ දිල්ෂාන් මධුසංකගේ සුපිරි පන්දු යැවීම ශ්‍රී ලංකා කණඩායමේ මෙම ජයග්‍රහණය සඳහා ප්‍රධාන වශයෙන් දායක වූ බව නොරහසක්.

ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තවත් තියුණු මුහුණුවරක් ගනු ලැබුවේ කණ්ඩායම් දෙකම මේ වනවිට එක් තරගය බැඟින් ජයගෙන සිටීම හේතුවෙන්.

පිත්තෙන් සහ අවශ්‍යම මොහොතේ පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වූ දසුන් ශානක ඊයේ තරගයේ වීරයා බවට පත් වුණා.

මෙහිදී දසුන්ගේ මෙම සුපිරි දක්ෂතා සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් එක්කරන්නට හිටපු ක්‍රීඩක තරු සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ කටයුතු කර තිබුණා.

මෙහිදී ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිය නිල ට්විටර් ගිණුමට සටහනක් එක්කරමින් පවසා තිබුණේ දසුන්ගේ මෑතකාලීන රංගනයෙන් අයි.පි.එල්. කොන්ත්‍රාත්තුවක් ගැන කෑගසන බවයි.

ඔහු ඉක්මනින් අයි.පි.එල්. ගිවිසුමකට නොපැමිණියහොත් තමන් පුදුමයට පත්වන බවයි මාලිංග එහි වැඩිදුරටත් සඳහන් කරමින් අනාවැකි පළකර තිබුණේ.

02
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
99
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43