මැතිවරණය ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

අද (05) පස්වරු 4.15 වන විට එක් දේශපාලන පක්ෂයක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

කලුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17ක් වෙනුවෙන් එක් දේශපාලන පක්ෂයක් සහ මහනුවර දිස්ත්‍රික්කයේ ආයතන දෙකක් සඳහා ස්වාධීන කණ්ඩායම් දෙකක් මෙලෙස ඇප තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව කියාසිටියේ.

මේ අතර ඡන්ද විමසීමේ කාලසීමාව තුල දේශපාලන පක්ෂ හෝ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමට හේතු වන හෝ අගතියට පත්වන ආකාරයේ කටයුතු සඳහා රාජ්‍ය දේපළ භාවිත කිරීමෙන් වැළකිය යුතු බවට මැතිවරණ කොමිසම දැනුම් දෙනවා.

ඡන්ද විමසීම පැවැත්වෙන දිස්ත්‍රික්වල රජයේ නිලධරයන්, සේවකයන් බඳවා ගැනීම, උසස් කිරීම හෝ මාරු කිරීම යන කරුණු සීමා කළ යුතු බව රාජ්‍ය දේපළ පාලනය භාරව සිටින අමාත්‍යංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ප්‍රමුඛ සියලු නිලධාරීන් අවධානය යොමු කළ යුතු බවටයි දැනුම් දෙන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මැතිවරණ කාලසීමාව තුල රජයේ දේපළක්, යම් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් තෝරා පත්කර ගැනීම ප්‍රවර්ධනය කිරීම හෝ වළක්වාලීම වෙනුවෙන් කිසියම් පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් භාවිත කරන්නේ නම් එය තහනම් කිරීමේ බලය මැතිවරණ කොමසාරිස්වරයාට හෝ කොමිසමට බලය පවතිනවා.

මැතිවරණ කොමිසම විසින් කරනු ලබන එවැනි විධානයකට අනුකූලවීම සහ ක්‍රියාත්මක කිරීම එම කාලසීමාවේ රජය සතු දේපළ භාරව සිටින හෝ පාලනය දරන සියලුම නිලධාරීන් බැඳී සිටිනවා.

එවැනි විධානයක් උල්ලංඝණය කිරීම අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබූ විට වසර තුනක සිර දඩුවමක් හෝ රුපියල් ලක්ෂයක දඩයකින් හෝ එකී දඩුවම් ද්විත්වයම ලබාදීමට හැකි බවටයි මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ.

Election


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27