වැල්ලවායේ පොලිස් මෙහෙයුමක්

මොණරාගල කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් හදපානාගල පුබුදුවැවගම ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී ගංජා හේන් දෙකක් වටලා සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම ගංජා හේන් දෙකෙහි උස අඩි හතකට ආසන්න උසකින් ඉතාමත්ම සරුවට වගා කර තිබූ ගංජා ගස් රැසක් තිබී ඇති අතර එවායේ වටිනාකමක රුපියල් ලක්ෂ දහයකට අධික බව පොලිසිය පැවසීය.

ගංජා හේන් වගා කල සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් පුබුදුවැවගම ප්‍රදේශයේ ම පදිංචිකරුවන් දෙදෙනෙකි.

සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?