AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණය සම්බන්ධ අවසන් තීරණය කොමිසම සතුයි – හැබැයි රජයේ සේවකයගේ පඩියටවත් සමෘද්ධියටවත් සල්ලිත් නෑ

මැතිවරණය සම්බන්ධ අවසන් තීරණය මැතිවරණ කොමිසම සතු බවත්, රටේ ප්‍රධාන අවශ්‍යතාව මැතිවරණය නම්, සමෘද්ධියට දීමට ඇති මුදලින් වියදම් කර හෝ මැතිවරණය පැවැත්වීමට සූදානම් බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

මාධ්‍ය හමුවකට යාපනයේ දී එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ.

“මැතිවරණයේ දින තීරණය කිරීම, මැතිවරණය පැවැත්වීම, මැතිවරණයට මුදල් හොයා ගැනීම, මැතිවරණය මොන ක්‍රමයට පවත්වනවා ද යනාදී සියල්ල මැතිවරණ කොමිසමට අයත් දේවල්. මැතිවරණ කොමිසම මැතිවරණය තියන්න කියපු දවසක අපි මැතිවරණය තියන්න සූදානම්.

මේ වෙලාවේ ආණ්ඩුවේ සේවකයන්ට පඩි දෙන්නත් සල්ලි මදි. සමෘද්ධි සහනාධාරය දෙන්නත් සල්ලි මදි. දරුවන්ට පාසල් නිල ඇදුම් සඳහා අවශ්‍ය රෙදි ගන්න, පොත් ටික ගන්න සල්ලි මදි. අත්‍යවශ්‍ය සේවාවක් වන දුම්රිය සේවයට බොහෝ දෙනෙක් බඳවා ගන්න තිබුණත් ඒකටත් සල්ලි නෑ. කැඩිලා තියෙන ගොඩාක් පාරවල් හදාගන්න සල්ලි නෑ. ඒ වගේ ම මේ වෙලාවේ දැවෙන අවශ්‍යතා ගොඩක් තියෙනවා.

කවුරු හරි ඡන්දයක් ඉල්ලනවා නම්, ප්‍රධාන අවශ්‍යතාව ඒක නම්, සමෘද්ධියට දෙන්න, මිනිස්සුන්ට කන්න දෙන්න තියෙන සියලු ම මුදල් මැතිවරණය වෙනුවෙන් වියදම් කරලා ඡන්දයක් තියමු.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?