අද හිරු එළියට නිරාවරණය වෙන්න එපා – ජනතාවට අනතුරු ඇඟවීමක්

අද (04) දිනයේ හිරු එළියට වැඩි වශයෙන් නිරාවරණය නොවන ලෙසට තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මෙම වසරේදී පෘථිවිය සූර්යයාට වඩාත් ආසන්නයෙන් ගමන් කරන දිනය අද බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් හිරු එළියට වැඩි වශයෙන් නිරාවරණය වීම චර්ම රෝග ඇතිවීමට හේතු විය හැකි බවට ද ඔහු අනතුරු අඟවනවා.

මෙම සතිය පුරාවටම උෂ්ණත්වය වැඩි වශයෙන් පැවතිය හැකි අතර අධික උෂ්ණත්වයෙන් වැළකීම සඳහා කුඩයක් රැගෙන යන ලෙසට මෙන්ම ජලය වැඩි වශයෙන් පානය කරන ලෙසට ද විද්‍යාඥවරයා ඉල්ලීමක් කරනවා.

තාරකා විද්‍යාඥයින් පෙන්වා දෙන ආකාරයට ප්‍රකාශ කරන පෘථිවිය සූර්යයාට වඩාත් ආසන්න වීම සිදුවන්නේ පෘථිවිය සූර්යයා වටා ඉලිප්සාකාර ගමනක නිරත වීම හේතුවෙන්.

“පෙරිහීලියන්” ලෙස හඳුන්වන මෙම අවස්ථාව ශ්‍රී ලංකා වේලාවෙන් අද (04) රාත්‍රී 9.30ට උදාවුවත් ඊට පෙර සහ පසු පෘථිවිය තවදුරටත් සූර්යයාට ආසන්නව පවතිනවා.

සාමාන්‍යයෙන් පොළොවේ සිට සූර්යයාට දුර කිලෝ මීටර් මිලියන 150ක් පමණ වුව ද අද දිනයේ පෘථිවිය සූර්යයාට කිලෝමීටර මිලියන 5කින් පමණ ළංව පවතිනවා.

ඒ අනූව අද දිනය වඩාත් උණුසුම්වන බැවින් සූර්යයාට නිරාවරණය වීමෙන් චර්ම රෝග ඇති විය හැකි බවයි තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01