පාපන්දුවේ රජු මෙලොව හැරයයි

ලොව මෙතෙක් බිහිවූ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන බ්‍රසීලයේ පේලේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිය යනවිට ඔහු 82 වන වියේ පසු වුණා.

බඩවැල් ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටිය දී පේලේ මියගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

1958, 1962 සහ 1970 දී යන වර්ෂවලදී පාපන්දු ලෝක ශුරතාව බ්‍රසීලයට දිනාදීමට දායකත්වය දැක්වූ පේලේ සැළකෙන්නේ පාපන්දු ලොව එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ඨතම ක්‍රීඩකයා ලෙසටයි.

2000 වර්ෂයේ දී සියවසේ පාපන්දු ක්‍රීඩකයා ලෙස නම් කළ එඩ්සන් නැසිමෙන්ටෝ නම් මෙම අසහාය සහාය ක්‍රීඩකයා ලොව ප්‍රකට වුයේ ‘පේල්’ නම් අන්වර්ථ නාමයෙන් වීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?