ආදිවාසි කාන්තාවක් දැවැන්ත සියඹලා ගසක් උඩ මාරාන්තික උපවාසයක්

දිඹුලාගල දලුකාන ගම්මානයේ ආදිවාසි නායිකාව අඩි පනහක් පමණ උසැති සියඹලාගසකට නැඟ මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

තම ගම්මානයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් එල්ල වන මරණ තර්ජණ මෙන්ම ගම්මානයේ දිනෙන් දින උඩු දුවන මත්ද්‍රව්‍ය ජාවාරම වහා මර්දනය කරන ලෙසට බල කරමිනුයි ඇය මෙම උපවාසයේ නිරත වන්නේ.

තම පුතුන් පවා, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී තමන් මරා දැමීමට පැමිණෙන බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් තමන්ට මරණ තර්ජන එල්ල වන බවත් ඇය චෝදනා කරනවා.

ගම්මානයේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව අවස්ථා 6කදී විරෝධතා, උපවාස සිදු කළ ද කිසිදු බලධාරියෙකුගේ අවධානය යොමු නොවන නිසා, ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ, දැඩි අවධානය යොමුකර දලුකාන ආදිවාසී ගම්මානයේ පවතින මත්ද්‍රව්‍ය ගැටලුවට වහා විසඳුම් ලබාදෙන ලෙසටයි උපවාසයේ නිරත ආදිවාසී නායිකාව ඉල්ලා සිටින්නේ.

පිටස්තර ගම්මානවලින් පැමිණි ඇතැම් පුද්ගලයන්, නිවාස සහ ඉඩම් මිලදීගෙන ඒ තුළ පදිංචි වී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන අතර එම පිරිස් දලුකාන ගම මත්ද්‍රව්‍යවලින් විනාශකර බවත්, මේ පිළිබඳ කොතෙක් තමන් අදාළ බලධාරීන්ට දැනුවත් කළ ද ඊට විසඳුමක් නොමැති බවත් මෙම ගම්මානයේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව විශාල පිරිසක් නැගී සිටීමට සූදානම් වුවද විවිධ තර්ජන ගර්ජන නිසා ඔවුන් ඉදිරිපත් නොවන බව ද ආදිවාසී නායිකාව සඳහන් කරනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව තමන් ඇතුළු අනෙකුත් කාන්තාවන් මනම්පිටිය පොලිසියට පැමිණිලි කළ ද ඊට අවධානය යොමු නොවුන බවටයි මෙම කාන්තාව චෝදනා කරන්නේ.

උපවාසයයේ නිරත ලිසිනෝනා මහත්මියගේ සහායට ගම්මානයේ තවත් කාන්තාවන් කිහිපදෙනෙකුද සියඹලා ගස යට රැඳී සිටිමින් ඇයට සහයෝගය දක්වමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38
Video thumbnail
පුළුවන් නම් ගොවියා ළඟට යන්නකෝ - ඔයාලට පාරේ බැහැලා යන්න බෑ
16:01
Video thumbnail
මුන් ගංජා ඇට පිටින්, ගස් පිටින් ගහලා - බීඩි ගගහා හිටපු එකා අද විස්කි ගහලා අපිට කසිප්පු කාරයෝ කියනවා
03:54
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23