spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආදිවාසි කාන්තාවක් දැවැන්ත සියඹලා ගසක් උඩ මාරාන්තික උපවාසයක්

දිඹුලාගල දලුකාන ගම්මානයේ ආදිවාසි නායිකාව අඩි පනහක් පමණ උසැති සියඹලාගසකට නැඟ මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

තම ගම්මානයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් එල්ල වන මරණ තර්ජණ මෙන්ම ගම්මානයේ දිනෙන් දින උඩු දුවන මත්ද්‍රව්‍ය ජාවාරම වහා මර්දනය කරන ලෙසට බල කරමිනුයි ඇය මෙම උපවාසයේ නිරත වන්නේ.

තම පුතුන් පවා, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී තමන් මරා දැමීමට පැමිණෙන බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් තමන්ට මරණ තර්ජන එල්ල වන බවත් ඇය චෝදනා කරනවා.

ගම්මානයේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව අවස්ථා 6කදී විරෝධතා, උපවාස සිදු කළ ද කිසිදු බලධාරියෙකුගේ අවධානය යොමු නොවන නිසා, ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ, දැඩි අවධානය යොමුකර දලුකාන ආදිවාසී ගම්මානයේ පවතින මත්ද්‍රව්‍ය ගැටලුවට වහා විසඳුම් ලබාදෙන ලෙසටයි උපවාසයේ නිරත ආදිවාසී නායිකාව ඉල්ලා සිටින්නේ.

පිටස්තර ගම්මානවලින් පැමිණි ඇතැම් පුද්ගලයන්, නිවාස සහ ඉඩම් මිලදීගෙන ඒ තුළ පදිංචි වී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන අතර එම පිරිස් දලුකාන ගම මත්ද්‍රව්‍යවලින් විනාශකර බවත්, මේ පිළිබඳ කොතෙක් තමන් අදාළ බලධාරීන්ට දැනුවත් කළ ද ඊට විසඳුමක් නොමැති බවත් මෙම ගම්මානයේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව විශාල පිරිසක් නැගී සිටීමට සූදානම් වුවද විවිධ තර්ජන ගර්ජන නිසා ඔවුන් ඉදිරිපත් නොවන බව ද ආදිවාසී නායිකාව සඳහන් කරනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව තමන් ඇතුළු අනෙකුත් කාන්තාවන් මනම්පිටිය පොලිසියට පැමිණිලි කළ ද ඊට අවධානය යොමු නොවුන බවටයි මෙම කාන්තාව චෝදනා කරන්නේ.

උපවාසයයේ නිරත ලිසිනෝනා මහත්මියගේ සහායට ගම්මානයේ තවත් කාන්තාවන් කිහිපදෙනෙකුද සියඹලා ගස යට රැඳී සිටිමින් ඇයට සහයෝගය දක්වමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?