‘ජොන්ටියා’ සහ ‘කලයා’ නිසා අඟුලාන පොලිසිය යුධ පිටියක් වෙයි

පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන්ගේ ඥාතීන්යැයි කියා ගන්නා පිරිසක් අඟුලාන පොලීසියට කඩාවැදීමත් සමඟ එහි උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ පොලිසියේ ආරක්ෂාව තර කිරීමට අවට පොලිස් ස්ථානවලින් ද පිරිස් ඊයේ රාත්‍රියේ කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගෙන සිටි ‘ජොන්ටියා’ සහ ‘කලයා’ නැමැති සැකකරුවන් දෙදෙනාගේ ඥාතීන් යැයි කියා ගන්නා පිරිසක් පොලිසියට පැමිණ සැකකරුවන් රැගෙන ගොස් ඇති අතර, පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනාට පහර දුන් බව කියමින් ඔවුන් දෙදෙනා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත්ව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඥාතීන් විසින් එලෙස රැගෙන යනු ලැබූ සැකකරුවන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මොවුන් දෙදෙනා ජංගම දුරකථනයක් හේතුවෙන් ආරවුලක් ඇතිකරගෙන ඇති අතර, පසුව ඔවුන් එම සිද්ධිය සමතයකට පත්කර ගැනීම සඳහා අඟුලාන පොලීසිය වෙත පැමිණ තිබෙනවා.

එහිදී අඟුලාන පොලිස් නිලධාරීන් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව ඔවුන්ගේ ඥාතීන් පිරිසක් පැමිණ සැකකරුවන් රැගෙන යාමට කටයුතු කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් එහිදී ඇති වූ උණුසුම්කාරී තත්ත්වය අතර තුර එක් පොලිස් නිලධාරීයෙකුට ද තුවාල සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
00:00
Video thumbnail
චාමර පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ඔයාටත් ග#න්න බැරිවුණ ගේමක් සාජන් ග#ලා
03:13
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
අභිරහස් සිරුරක් ගාලු පාරෙන් හමුවෙයි..දැඩි උණුසුම් තත්ත්වයක්..
01:32
Video thumbnail
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ ප්‍ර#රයට ලක්වූ ඉරාන නෞකාව ගැන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්
00:41
Video thumbnail
හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන ඇඟ හිරිවැටෙන කතාවක් - ඉරාන නෞකා මෙහෙයුමට ශ්‍රි ලංකාව එන්ටර් වෙයි
06:04
Video thumbnail
ඉන්ධන පිරවුම්හල්වලට පැය 24 පුරාම විශේෂ පොලිස් ආරක්ෂාවක්..ආයේ තෙල් බූලිවලට පුරවනවා බොරු
01:41
Video thumbnail
මහ කොමසාරිස්, තානාපති කාර්යාල, හෝටල්වලට විශේෂ ආරක්ෂාවක්..මෙවැනි ස්ථාන වීඩියෝ කිරීම සම්පූර්ණ තහනම්
03:12
Video thumbnail
සෝමරතන හිමිගෙන් ජනපතිට දැඩි ප්‍රකාශයක්..වැ‍රැද්දක් කළා නම් ප්‍රසිද්ධියේ සමාව ගන්න
05:32
Video thumbnail
කතුන් පාරට බැහැලා ආණ්ඩුවට සැරට අමතයි..හුන්ඩුවේ ජනාධිපති ඉලපතෙන් ග#ලා එලවන්නේ
03:11