සාමයේ කුමරාගේ උපත සිදු වූ අසිරිමත් නත්තල අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල අදයි.

නත්තල් උදාව වෙනුවෙන් මෙරට පැවැත්වෙන ප්‍රධාන දේව මෙහෙය අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ දී පැවැත්වුණා.

මෙවර ප්‍රධාන දේව මෙහෙය පැවැත් වුණේ පන්නිපිටිය ක්‍රිස්තුරාජාණන්ගේ දේවස්ථානයේදීයි.

මේ අතර, ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ සහභාගීවන ප්‍රධාන දේව මෙහෙය වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දී පැවැත්වුණා.

උදාවූ අසිරිමත් නත්තල ලෝකවාසී කිතුණු බැතිමන්තුට සාමය සතුට පිරි සුබ සුව නත්තලක් ලෙස ‘දසත ලංකා’ අපි ප්‍රර්ථනා කරනවා.