ඉන්දීය සුපිරි නිළිය දිවි ගමනට සමුදෙයි

ඉන්දීය ජනප්‍රිය නිළි Tunisha Sharma සියදිවි හානි කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

රූගත කිරීමත් අතරතුර ඇය ගෙලවැලලාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෙලෙස ඇය දිවි නසා ගැනීමට හේතුව මෙතෙක් හෙළිවී නැහැ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිරූපණ ශිල්පිනියගේ මව ද පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

තුනීෂා ශර්මාගේ 21 වන උපන්දිනය යෙදී ඇත්තේ ලබන ජනවාරි මස 04 වනදායි.

මෙම මරණය සම්බන්ධයෙන් ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ රංගන ශිල්පීන් මෙන්ම ශිල්පිණියන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ සිය ශෝකය පළකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?