උත්සව සමයේ විනෝද ගමන් යන අයට පොලිසියෙන් දැනුම්දීමක්

උත්සව සමයේ බීමත්ව රිය ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා දවසේ පැය 24 පුරා මෙහෙයුම් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියාසිටියේ වාහනයක තවත් පිරිසක් ගමන් කරන්නේ නම් බීමත්ව රිය ධාවනය කිරීමට රියදුරාට අවස්ථාවක් ලබා නොදෙන ලෙසටයි.

බීමතින් කිසියම් අයෙකු රිය ධාවනය කරන්නේ නම් එය එහි ගමන් කරන අනෙක් පුද්ගලයන්ගේ ද ජීවිතවලට අවදානමක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

විශේෂයෙන්ම බීමත්ව රිය ධාවනය නොකරන ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැදිකරුවන්ගෙන් ද ඉල්ලීමක් කරනවා.

මේ අතර උත්සව සමයේ තමන් පදිංචි ප්‍රදේශවලින් බැහැරව යන විනෝද ගමන් අතර ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙසට පොලිසිය ජනතාවට දැනුම් දෙනවා.

බීමත්ව දිය නෑම ඇතුලු අවදානම් කටයුතුවල නිරත නොවන ලෙසටයි දැනුම් දෙන්නේ.

මෙවැනි ගමන් අතර අනතුරුදායක බවට දැනුම්දී ඇති ස්ථානවල දිය නෑමෙන් වළකින ලෙසට සහ කඳු සහිත ප්‍රදේශවල වැසි පවතින අවස්ථානවල ගංගා ආශ්‍රිතව දිය නෑමෙන් වලකින ලෙසට ද පොලිසිය ඉල්ලීමක් කරනවා.

එමෙන්ම වන්දනා සහ විනෝද චාරිකා අතර කුඩා ළමුන් සහ වයෝවෘද්ධ පුද්ගලයන් සම්බන්ධයෙන් ද විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.

බීමත්ව දිය නෑම හේතුවෙන් හෝටල්වල ඇති නාන තටාක ද ඇතුලුව විවිධ ස්ථානවල මරණ සිදුව ඇති බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ.

වෙරළ කලාපයේ දිය නෑමට යාමේදී අවදානම් තත්ත්වයන් පිළිබඳ සැලකිලිමත් විය යුතු අතර හෝටල් ආශ්‍රිතව සේවය කරන සේවකයන්ගෙන් ලැබෙන උපදෙස් අනුව ක්‍රියාත්මක වන ලෙසටයි පොලිසිය ඉල්ලා සිටින්නේ.

https://youtu.be/K3ausL9UG6k


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51