මැතිවරණයක් තියන්න මුදල් වෙන්කර අවසන් – මැතිවරණ කොමසාරිස්

මැතිවරණයක් පැවැත්වීම සඳහා මුදල් වෙන්කර අවසන් බව මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ මෙවර අයවැයෙන් ඒ සඳහා මුදල් වෙන්කර ඇති බවයි.

මැතිවරණයක් පැවැත්වීම ඉල්ලුම හා සැපයුම අනුව ගත යුතු තීරණයක් නොවන අතර නීතියට අනුව ගත යුතු පියවරක් බව ඔහු පෙන්වා දෙනවා.

පළාත් පාලන මැතිවරණය පවත්වා මාර්තු මාසය වන විට පළාත් පාලන ආයතන නියෝජිතයන් නම් කර ගැසට් නිවේදනය නිකුත් කිරීමේ බලතල ඇත්තේ මැතිවරණ කොමිසමට බවයි කොමසාරිස්වරයා කියාසිටියේ.

මැතිවරණ පනත අනුව මැතිවරණයක් පැවැත්වීමේ තීරණය ගත යුත්තේ මැතිවරණ කොමිසම බව ඔහු පෙන්වා දෙනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස්වරයා….

මැතිවරණ කොමිසම ලෙස අපි ඉන්නේ නීතිය පැත්තෙන්, මැතිවරණ පැවැත්වීම ඉල්ලුම හා සැපයුම අනුව ගත යුතු කාරණයක් නෙමෙයි නීතියට අනුව ගත යුතු කාරණයක්. පළාත් පාලන මැතිවරණය පවත්වා මාර්තු මාසය වන විට පළාත් පාලන ආයතන නියෝජිතයන් නම් කොට ගැසට් නිවේදනය නිකුත් කිරීමේ බලතලය තියෙන්නේ මැතිවරණ කොමිසමට මැතිවරණ පනත අනුව මැතිවරණයක් තිබීමේ තීරණය ගත යුත්තේ මැතිවරණ කොමිෂන් සභාව. ජනතා පරමාධිපත්‍ය රැකගැනීමට වගකීම තියෙන්නේ පවතින ආණ්ඩුවට, එම ආණ්ඩුවට වගකීමක් තමයි ජනතාවගේ ඡන්ද බලය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම. මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් සඳහන්කොට අයවැය ඇස්තමේන්තු සඳහා ඉදිරිපත් කොට තිබෙනවා.
2022 අයවැයත් 2023 අයවැයෙනුත් මැතිවරණයක් පැවැත්වීම සඳහා බිලියන 10ක මුදලක් වෙන් කර තිබෙනවා. පුරවැසියෙක් ලෙස මුදල් නෑ කියන එක මට ඇහිලා තියෙනවා. නමුත් මැතිවරණ කොමිසම කියන විදිහට කටයුතු කරන්න මම බැඳිලා ඉන්නවා.

පුරවැසියෙක් ලෙස මිනිස්සුන්ගේ අයිතිය ලැබිය යුතුයි කියල මම විශ්වාස කරනවා. පළාත් සභා මැතිවරණය තිබීමට බාධාව සීමාවෙන් සහනයක් සිදුකොට තිබෙනවා. එය පාර්ලිමේන්තුව අනුමත කරන්නේ නෑ, පළාත් සභා මැතිවරණ තියන්න නීතියක් නෑ එම නිසා කොමිසමට බලතලයක් නෑ. පළාත් පාලන මැතිවරණය තියන්න නීතියෙන් බලතල ලැබී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37